අවුරුදු බිලියන 13 කට පමණ පෙර Arishem the Judge සහ Celestials ලා විසින් Big Bang එක එහෙමත් නැතිනම් විශ්වය (universe) නිර්මාණය කරනවා. විශ්වය නිර්මාණය කිරීමත් සමග විශ්වය පුරාවට galaxies නිර්මාණය කර නැවතත් අදුරු විශ්වයකට යාම වැලැක්වීම අරමුණින් Celestials ලා ජීවින් ඇති කරමින් විශ්වය පෝෂණය කිරීමට සමත්වුනා වගේම මේ සදහා Celestials ලට තව තවත් Celestials බිහි කිරීමටද සමත් වෙනවා. [Eternals]
 අවුරුදු මිලියනකට වඩා ඉහතකදී අප්‍රිකාවේ ප්‍රදේශයකට කඩන වැටෙනවා උල්කාපාතයක්. මේ උල්කපතයේ ලෝහය හදුවන්නේ vibranium කියලයි. මේ vibranium විශ්වයේ තියෙන ශක්තිමත්ම ලොහයයි. මේ vibranium එක පොලවට වැටීමත් සමග එහි ඇති ශාක වලට සහ එහි සිටි මිනිසුන්ට සතුන් තුලට කා වැදුනා. මේ ප්‍රදේශය හැදින්වුයේ Wakanda ලෙස. කාලයත් සමග මෙහි ගෝත්‍රික පහක් බිහි වුණා අතර ඔවුනොවුන් අතර යුද්ද ඇති වුණා. ඔවුන් සටන් කළා ඔවුන්ගෙන් එක් අයකු රණශුරයෙක් ලෙස බිහි වෙනකම්. මේ රණශුරයාට Panther කෙනකුගේ දෘශ්යක් සමග heart-shaped herb නම් Wakanda වලට අවේනික වූ පැලෑටිය ශරීරයට උකහා ගැනීමෙන් අධිමානුෂික බලයක් හිමි වෙනවා. පසුව මේ රණශුරයා Balck Panther බවට පත් වී Wakanda හි රජු ලෙසට පත් වෙනවා. මේ ගෝත්‍රික පහෙන් හතරක් Balck Panther යටතේ ජිවත් වීමට කැමති වුනත් ඊට අකමැති වූ Jabari ගෝත්‍රිකයින් කදුකරයක වෙනම ජිවත් වුණා. Wakanda ඔවුන් සතුව තියන vibranium භාවිත කර තාක්ෂනය මගින් සංවර්ධනය කිරීමට සමත් වුණා. එ තාක්ෂනය මගින් ලොව වෙන කිසිම රටක දකින නොහැකි සංවර්ධනයක් ඇති කිරීමට සමත් වුණ අතර ඔවුන්ටම අවේනික වූ මේ vibranium පිටත් ලෝකයෙන් ආරක්ෂා කිරීමට සහ ඔවුන්ගේ බලය සගවා ගැනීම සදහා ඔවුන් ඔවුන්ගේ දේශය වනාන්තරයකින් සැගවුව. පිටත ලෝකයට Wakanda යනු තුන්වන ලෝකයේ දුත්පත්ම රටකි. [Black Panther]
 ක්‍රි.පූ.5000 වැනි කාලයක 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පෘථිවියට පැමිණෙනවා. Eternals වශයෙන් හදුන්වන මොවුන් පෘථිවියට පැමිණෙන්නේ පෘථිවි වැසියන් Deviants ලාගෙන් ආරක්ෂා කිරිමටයි. ශතවර්ෂ ගනාවක් තිස්සේ මොවුන් පෘථිවි වසියනේ ශිෂ්ටාචාර වර්ධනය කිරීමට මෙන්ම Deviants ලාගෙන් ආරක්ෂා කිරීමටද උදව් වනවා. [Eternals]
 පෘතුවි වර්ෂ ක්‍රි.පු.2987 දී Convergence එක සිදුවෙන කාලයේ Asgardians සමග සටනකින් Dark Elves පරාජය වන අතර Dark Elves කෙනකු වන Malekith ට හිමිව තිබු Aether එක (Reality Stone) එක Thor ගේ සිය වන Bor විසින් මෙය ලබා ගෙන කිසි අයෙකුට සොයා ගත නොහැකි ස්ථානයක සගවනවා. [Thor:The Dark World]
 ක්‍රි .ව 965 දී Frost Giants සහ Asgardians අතර යුද්දයක් ඇති වෙනවා. මෙහිදී Asgardians යුද්දයෙන් ජය ගන්නවා. [Thor]
1147 දී Xu Wenwuවිසන් mystical rings දහයක් සොයාගන්නා අතර එමගින් ඔහු අමරණිය සහ ප්‍රබල බලයන් හිමි කරගන්නවා. Ten Rings නමින් සංවිධානයක් නිර්මාණය කර ඒ හරහා විවිධ රාජ්‍යන්ට පැහැර දී බලය අල්ලාගැනීමට පටන් ගන්නවා. [Shang Chi and the Legend of the Ten Rings]
 1521 දී Aztec capital වල සිදු වූ සිදුවීමෙන් පසු Eternals ලා තීරණය කරනවා කණ්ඩායම විසුරවා මානව බැදීම් වලින් ඉවත් වී තම තමාගේම මාර්ග වල ගමන් කර ජිවත් වීමට. [Eternals]
 1693 Salem Witch Trials කාලයේදී Agatha Harkness ගෙන් ප්‍රශ්න කරනවා coven ලාගේ නීති කැඩීම සම්බන්ධයෙන්. මෙහිදී ඇය තම මව සහ අනෙක් witches ලගේ බලය ලබාගෙන ඔවුන්ව මරා දමනවා. [WandaVision]
 1942 මාර්තු මස දෙවන ලෝක යුධ සමයේ නාසි අණ දෙන නිලධාරී HYDRA හි Johann Schmidt , Norway හි Tonsberg නම් ගමක දේවස්ථානයකින් Tesseract හෙවත් Space Stone එක හොයාගන්නවා. [Captain America:The First Avenger]
 New York City හි Steve Rogers නම් හමුදා පරීක්ෂණ වලින් කිපසරයක්ම ප්‍රතිෂේප වූ තරුණයෙකු නැවත නැවතත් හබුදවට බැදීමට ඇති උනන්දුව නිසා පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවා. මොහුගේ මේ උනන්දුව ගැන සැලකිල්ලක් දැක වූ Dr. Abraham Erskine , Steveට යෝජනා කරනවා ඔහුගේ super-soldier පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස. [Captain America:The First Avenger]
 Strategic Scientific Reserve Brooklyn Facility වලදී super-soldier පරීක්ෂණයන් Steve සාර්ථක වනනේ සුපිරි බලයක් සහිත පුද්ගලයෙක් ලෙස. නමුත් එතැනදී HYDRA සාමාජිකයෙකු විසින් එල්ල කරන පහර දීමක් නිසා Erskine මිය ගොස් super-soldier සුත්‍රය විනාශ වෙනවා. [Captain America:The First Avenger]
 මේ නිසා U.S. Senator තීරණය කරනවා Steve ව ඔවුන්ගේ යුධ ආධාර ප්‍රවර්ධන වැඩසටහන් සදහා යොදා ගැනීමට. අකමැත්තෙන් වුවත් Steve එයට කැමති වෙනවා. ඔහු Captain America නමින් එහි ප්‍රසිද්ධ වෙනවා. මේ ප්‍රවර්ධන වැඩසටහනක් අතරතුරේ දිනක් ඔහු රහසේම නාසි කදවුරකට තනියම කඩ පැන සටන් කර ඔහුගේ හොදම මිතුරා Bucky Barnes සහ ඇමෙරිකානු හමුදා පිරිසක් බේරාගෙන පැමිණෙනවා. [Captain America:The First Avenger]
 මේ හේතුවෙන් ඔහු උසස්වීමක්ද සමග Steve හමුදාවට බදවා ගන්න අතර ඔහුට vibranium shield එකක් Howard Stark විසින් පිරිනමන අතර Steve දෙවන ලෝක යුද්දේදී නාසි හමුදාවට එරෙහි සටන් කරනවා. Zola අල්ලා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වුන Captain America සහ Bucky, සටන අතරතුරේදී Bucky ප්‍රපාතයකට ඇද වැටෙනවා. [Captain America:The First Avenger]
 Schmidt, Tesseract බලය උපයෝගී කරගෙන අධිබලැති ආයුදයක් නිර්මාණය කර ඇමෙරිකාවේ නගර වලට පහර දීමට සැරසෙනවා. නමුත් Captain America ඔහුගේ HYDRA මූලස්ථානයට පහර දෙන්න පටන් ගන්නවා. Schmidt සමග සටන් කර ජය ගන්නා Captain America, Schmidt ගුවන් යානයකින් නගර වලට පහර දීම සදහා යොදා ගත් බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුවෙන් Captain America තීරණය කරනවා ගුවන් යානය තමන් සමගම කඩා වැදීමට. ඔහු කඩ වදිනවා අයිස් සහිත ප්‍රදෙශයකයට. [Captain America:The First Avenger]
 1977 නොවැම්බර් මස TVA නියෝජිත Mobius සහ Loki Variant කෙනෙක් සමග London වලට පැමිණෙනවා. ඒ TVA එකෙන් Sacred Timeline එකට පැන ගිය Hunter X-05 අල්ලා ගැනීමට. [Loki]
 1987 ජුලි මස රුසියානුවන් විසින් ඇමෙරිකාවට එල්ල කල මිසයිලයක් ක්‍රියා විරහිත කිරීමට Hank Pym සහ Janet ට හැකිවෙන අතර මෙහිදී Janet, Quantum Realm තුල සිර වෙනවා. [Ant-Man]
 1988 දී Missouri හිදී කුඩා Peter Quill ගේ මව පිළිකාවකින් මිය යන අතර Peter අභ්‍යාවකාශ යානය මගින් අභ්‍යාවකාශයට රැගෙන යනවා. [Guardians of the Galaxy]
 1989 ජුනි මස 13 වන දී Hank Pym , S.H.I.E.L.D. ඔහුගේ Ant-Man තාක්ෂනය යොදා ගැනීමට උත්සහ කිරීමත් සමග S.H.I.E.L.D. වලින් ඉල්ලා අස් වෙනවා [Ant-Man]
 1989 ජුනි 22 දින Yon-Rogg සමග සටනේදී Carol Danvers විසින් Tesseract බලයෙන් නිර්මාණය කල Light-Speed Engine විනාශ කිරීමෙන් එහි තිබු Tesseract බලයන් අයගේ ඇගට absorb කරගන්නවා. [Captain Marvel]
 1991 දී රුසියානු හමුදාවේ ඇතුලේ සිටින HYDRA සාමාජිකයින් විසින් Winter Soldier ව මෙහෙයුමකට සුදානම් කරනවා . ඒ Long Island වලදී 1991 දෙසැම්බර් 16 දින Howard සහ Maria Stark ව ඝාතනය කර Super Soldier Serum අම්ලයේ සාම්පල් 5ක් පැහැර ගැනීමට. [Captain America: Civil War]
 1992දී එවකට Wakanda රජු T'Chaka යනවා කැලිෆෝනියාවේ ඔහුගේ සහෝදරයා N'Jobu ව හමුවෙන්න. T'Chaka චෝදනා කරන ඔහුගේ සහෝදරයාට මේ තොරතුරු ලබාදීම Wakanda වලට ද්‍රෝහි වූ බවට. මේ චෝදනාව N'Jobu ප්‍රතික්ෂේප කළත් James නමින් පෙනී සිටි Zuri එය සනාථ කරනවා. මොකද Zuri, N'Jobu සමඟ ළඟින් ජීවත්වීමට යොදවා තිබෙන්නෙත් T'Chaka විසින්මයි. මෙතනදී N'Jobu T'Chaka අතින් මිය යනවා. [Black Panther]
 Starforce කණ්ඩායම සුදානම් වනවා මෙහෙයුමකට. මේ මෙහෙයුම Torfa හි Kree වැසියෙකු Skrulls ලාගෙන් බේරා ගැනීමයි. Torfa ග්‍රහලෝකය වෙත පැමිණෙන එහිදී Skrulls ලා සහ ඔවුන් අතර සටනක් ඇති වෙන අතර Captain Marvel, Skrulls ලා හට හසු වෙනවා. Skrull නායක Talos, Captain Marvel ගේ මතකය ලබා ගැනීමට උත්සහ කරනවා. Talos ට දැන ගැනීමට අවශ්‍ය වන්නේ Light-Speed Engine එක තිබෙන ස්ථානය ගැනයි. නමුත් Talos සහ Skrull ලය පහර දී Skrull Ship එකෙන් පලා යන Captain Marvel පෘතුවිය Los Angeles වලට කඩා වැටෙනවා. මේ කාලය පෘතුවියේ 1995 දී. [Captain Marvel]
 අභ්‍යවකාශයේ තියෙන Laboratory එකට Captain Marvel, Talos, Maria, Fury සහ Goose පැමිණෙන අතර එහිදී Starforce කණ්ඩායම සහ Captain Marvel අතර සටනක් ඇති වෙනවා. මේ සටනින් ඔවුන්ව පරාජය කර Ronan යාන සියල්ලම විනාශ කරන Captain Marvel, Ronan ඉදියට පැමිණීමත් සමග Ronan, jump point එකෙන් පලා යනවා. [Captain Marvel]
 1995 සැප්තැම්බර් මසදී Russian sleeper agents කණ්ඩායමක් ලෙස ඇමෙරිකාවේ ජිවත් වුන Alexei Shostakov, Melina Vostokova, Yelena Belova සහ Natasha Romanoff පසුපස S.H.I.E.L.D. සංවිධානය හබා එනවා. Cuba වට පලා එන ඔවුන්ගෙන් Natasha සහ Belova ව Red Room පුහුණුකිරීම් සදහා රැගෙන යනවා. [Black Widow]
 1995 නොවැම්බර් මස Hank Pym සහ Elihas Starr නිරම්නය කරමින් සිටි Quantum Tunnel එකක් පිපිරී යාමෙන් Ava Starr ගේ මව සහ පිය මිය යන අතර ඉන් Ava බලයන් සමග දිවි ගලවාගැනීමට සමත් වෙනවා. [Ant Man and the Wasp]
 1996 වසරේදී Ta Lo නම් ගමෙහි මිත්‍යා ජීවින් සිටින බව සොයාගෙන Xu Wenwu එහි පැමිණ අවස්ථාවේ Ying Li හමුවීමෙන් ඔහුගේ සියලු අරමුණු වෙනස් වී ඇය සමග විවහ වී ජිවත් වීමට තීරණය කරනවා. පසුව ඔවුන්ට Shang-Chi නමින් පුතෙකු සහා Xu Xialing නම් දුවෙකු ලැබෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]
 1996 Thanos සහ ඔහුගේ හමුදාව Zen-Whoberi ග්‍රහලෝකයට පැහැර දෙන අතර ඉන් ජනගහනයෙන් භාගයක් මරා දමනවා. එහිදී Thanos ට Gamora හමුවෙන අතර ඇයව හදාගැනීමට තීරණය කරනවා. [Avengers: Infinity War]
 2005 පෙබරවාරි මස සිදු කල Bio-Tech Force Enhancement Project එක අසාර්ථක වීමත් සමග Bruce Banner Hulk ට පරිණාමනය වනවා. පසුව Bruce Banner නිදහසේ රහසිගතව Brazil හි Rocinha වල ජිවත් වීමට තීරණය කරනවා. [The Incredible Hulk]
 2008 පෙබරවාරි මස 11 වන දින Stark Industries වල CEO Tony Stark ඔහුගේ මිතුරෙකු වන James Rhodes සමග Stark Industries හි නවතම මිසයිලයක් ප්‍රදර්ශනය කරන්න පැමිණෙනවා Afghanistan වලට. එහිදී Tony තර්ස්තවාදී කණ්ඩායමක් වන Ten Rings ත්‍රස්තවාදීන්ට හසු වෙනවා. [Iron Man]
 Tony ව හිර කිරීමෙන් පසු එහිදී ඔහුට Dr. Ho Yinsen හමු වෙනවා. ඔවුන් දෙදෙනා එකතුව Arc Reactor එකක් නිර්මාණය කිරීමට හැකි වෙනවා අතර මෙහි බලය උපයෝගී කරගෙන armored suit එකක්ද නිර්මාණය කර ත්‍රස්තවාදීන්ට පහර දී ත්‍රස්ත ගහනයෙන් පලා ඒමට Tony ට හැකි වුනත් Dr. Ho Yinsen එහෙදි ත්‍රස්තවාදීන් අතින් මරණයට පත් වෙනවා. [Iron Man]
 Tony තම Stark Industries හි අවි ත්‍රස්තවදීන් අතට පත් වන නිසා අවි නිපදවීම නතර කරන බව පවසනවා. Stark Industries හි සහකරුවෙකු වන Obadiah Stane මේ තීරණයට අප්‍රසාදය පල කරනවා. මේ අතර Tony තීරණය කරනවා Iron Man Armor එකක් නිර්මාණය කර Afghanistan ට පැමිණෙන Stark Industries ගිනි අවි සියල්ල එල්ල කර ත්‍රස්තවාදීන්ට පහර දෙනවා. [Iron Man]
 තම Arc Reactor නිර්මාණය අසාර්ථක වීම සහ Tony, Stark Industries හි ගිනි අවි නිපදවීම නතර කරීම හෙතුවෙන් Obadiah, Tony ගේ Arc Reactor එක පැහැර ගෙන Iron Monger නිර්මාණය කරනවා. මේ හේතුවෙන් Iron Man සහ Iron Monger අතර සටනක් ඇති වෙන අතර එහිදී Iron Monger මිය යනවා. [Iron Man]
 මාධ්‍යවේදී සාකච්චාවකදී Tony තමා Iron Man බව ලොවට හෙළි කිරීමත් සමග Nick Fury පැමිණෙනවා Stark ගේ Mansion ඔහුගේ Avengers Initiative ගැන සාකච්චා කිරීමට. [Iron Man]
 2010 මැයි 23 වන දින Monaco වල පැවැත්වුණු Formula One තරගයකදී Vanko (Whiplash) Tony සමග ගැටුමක් ඇති කරගන්නවා. එහිදී Whiplash පරාජය වී අත්අඩංගුවට පත් වෙනවා. [Iron Man 2]
 Thor ගේ කිරුල පැළදවීමේ උත්සවයක් Asgard වල පැවැත්වෙනවා. මේ උත්සවය දවසේ Frost Giants ල විසින් Casket of Ancient Winters පැහැර ගැනීමට උත්සහ කලත් එය අසාර්ථක වෙනවා. මීට කෝප වුන Thor, Odin ගේ අනුමැතියෙන් තොරව Frost Giants ට පහර දෙනවා. [Thor]
 2010 මැයි 31 දින Ross, Emil Blonsky ඇතුළු විශේෂ හමුදා කණ්ඩායමක් යවනවා Banner ව අල්ලාගැනීම සදහා. එහිදී Banner හල්ක් ලෙස පරිණාමය වෙමින් ඔවුනට පහර දී එතනින් පලා යනවා. මෙහිදී Banner ට ඔහුගේ පරණ පෙම්වතිය වන Betty Ross හමුවෙනවා.ඇය සමග සිටින අවස්ථාවකදී Blonsky ඇතුළු පිරිස නැවත පැමිණෙනවා Banner ව අල්ලාගැනීමට. එතනදිත් හල්ක් Ross සමග එතනින් පැන යනවා. [The Incredible Hulk]
 Hammer ගේ උදව්වෙන් Whiplash සිරභාරයෙන් පැන ගැනීමට සමත් වන අතර Hammer සහ Whiplash එක්ව හමුදා රොබෝවරුන් කණ්ඩායම නිර්මාණය කරනවා. Whiplash හමුදා රොබෝ කණ්ඩායම පාලනය තම අතට ගෙන Tony ගෙන් පලි ගැනීම නැවත පටන් ගන්නවා. Whiplash සමග සටනේදී Iron Man ට James Rhodes නොහොත් War Machine සහ Black Widow ගේ සහයද ලැබෙනවා. Whiplash පරාජය කිරීමෙන් පසු හමුදා රොබෝවරුන් කණ්ඩායම විනාශ කර දමනවා. [Iron Man 2]
 Frost Giants සහ Asgardians අතර නැවතත් යුද්ධයකට අද දැමීම නිසා Odin විසින් Thor ව ඔහුගේ බලය ඉවත් කල මිටියත් සමග පෘථිවියට පිටමන් කරන අතර පෘතුවියේදී මෙක්සිකෝ හි කාන්තාරයක ගවේෂණයක් කරන අතරතුරදී Jane Foster ට Thor හමුවෙනවා. [Thor]
 Asgard වල රජකම ලබා ගැනීම අරමුණින් Loki උත්සහ කරනවා Thor මරා දැමීමට. එහිදී Thor ගේ පරාර්ථකාමී බව වැටහුණු Odin මිටියෙහි බලය නැවත ඇතිකරනවා. Destroyer පරාජය කරන Thor Asgard වලට පැමිණෙනවා. [Thor]
 Loki හා Frost Giants සමග සටන් කරන Thor ඉන් ජය ගන්න අතර Loki, space එකේ අතුරුදන් වී යනවා. [Thor]
 2010 ජුනි 4 වන දින කලින් Blonsky සුපිරි සොල්දාදු පරික්ෂණයට මුහුණු දුන් නිසා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ මිශ්‍ර වීම නිසා Blonsky, Abomination බවට පත් වෙන අතර තමාට ලැබුණු බලය පාවිච්චි කරමින් Abomination නගරය පුරවට කෝලාහල ඇති කරනවා. එය මැඩ පැවැත්වීමට හල්ක් ඉදිරිපත් වී Abomination සමග සටනක් ඇති වන අතර ඉන් හලක් ජය ගන්නවා. [The Incredible Hulk]
 2011 ඔක්තෝම්බර් 8 වන දින වසර 70 කට පමණ පසු Steve අවදීවනවා S.H.I.E.L.D. හි Nick Fury රැකවරණය යටතේ. [Captain America: The First Avenger]
 2012 මැයි පළමු වන දින S.H.I.E.L.D. යටතේ පවතින Tesseract (Space Stone) එක ආපසු ලබා ගැනීමට Thanos විසින් Loki ව පෘථිවියට එවනවා. Selvig, Clint Barton සහ තවත් S.H.I.E.L.D. කිපදෙනේක්ව Scepter එක මගින් මෝහනය කර Loki, S.H.I.E.L.D. හි පරේෂණ ස්ථානයකට පහර දී Tesseract එක රැගෙන පල යනවා. [The Avengers]
 S.H.I.E.L.D. සොයා ගන්නවා Loki සිටින ස්ථානය. පසුව Rogers (Captain America) සහ Tony (Iron Man) එකතු වී Loki ව අත්අඩංගුවට ගන්න අතර Loki ව අත්අඩංගුවේ රැගෙන යද්දී Thor පැමිණ Loki ව නැවත Asgard වලට රැගෙන යාමට උත්සහ කරනවා. Rogers ගේ ඉල්ලීම මත Thor කැමති වෙනවා Loki ව ඔවුන්ට භාර දීමටත් ඔවුන් සමග එකට වැඩ කිරීමටත්, Loki ව S.H.I.E.L.D. ට අයත් Helicarrier යානයෙන් රැගෙන යද්දී Loki ගේ පිරිස විසින් යානයට ප්‍රහාරයක් එල්ල කරනව. එතනදී Loki පලා යනවා. [The Avengers]
 2012 මැයි 4 දින Tesseract එකේ බලය යොදා ගනිමින් Selvig, New York City හි පිහිටි Stark Tower එක උඩ සිට ලෝකය හරහා විවරක් විවෘත කරනවා. ඒ සමගම Thanos ගේ Chitauri හමුදාව පෘථිවියට පැමිණ New York නගරයට පහර දෙන්න පටන් ගන්න අතර Avengers විසින් Chitauri හමුදාව සහ Loki ව පරාජය කරනවා. [The Avengers]
 අවරුදු 12 වයසැති Kate Bishop ජිවත් වන New York හි නිවසට Chitauri ප්‍රහාරයක් එල්ල කරනවා. එහිදී Hawkeye විසන් Kate Bishop ඉල්ලක කර සිටි Chitauri ගෙන් Kate Bishop ව බේරා ගන්නවා. මේ ප්‍රහාරයේදී Kate Bishop ගේ පියා මිය යනවා. [Hawkeye]
 Thor, Loki ව අත්අඩංගුවට ගෙන Tesseract එකත් සමග Asgard වලට පිටත්ව යන අතර Avengers ලා විසිර යනවා.මේ අතර The Other විසින් Thanos හට පවසනවා Loki ගේ සැලැස්ම අසාර්ථක වුන බව. [The Avengers]
 නිව් යෝක් සටනින් පස්සේ විනාශ වුන ගොඩනැගිලි පිර්සිදු කිරීමේ Toomes Salvage Company නම් වූ කණඩායමක් එහි සුන් බුන් ඉවත් කරමින් සිටිනවා. මෙතනට එන කණඩායමක් පවසන්නේ පිරිසිදු කිරීම් නතරකරන ලෙසත් දැන් එහි බලතල තමන් සතුව ඇති බවත්. එම නිසා සියලුම දෑ මෙතැන් සිට ඔවුන්ට වැඩකටයුත් සහ එකතු කරගත්ත දේවල් භාරදෙන ලෙස ඉල්ලනවා. මෙතැනදී ඇති වෙන මතවාදයක් නිසා Adrian කණ්ඩායමේ අයෙකුට පහර දෙනවා. එවිට එහි ප්‍රධානියා කියන්නේ කතාකරන්න දෙයක් ඇත්නම් ඉහලට කතා කරන්න කියලා. Toomes Salvage Company එකේ අය නම් මේ සම්බන්ධයෙන් තරහකිනුයි ඉන්නේ..මොකද මේ නිසා ඔවුන්ගේ රැකියාව අහිමි වීම ගැන. ඒ වගේම ඔවුන් පිරිසිදු කිරීම් වලදී පිටසක්වල ද්‍රව්‍ය (Chitauri ගේ තාක්ෂනය සහිත) ගොඩක් දැනටමත් හොරකම් කරගෙන ඉවරයි. Adrian තීරණය කරනවා මේ නිසා ඔවුන්ගේ රැකියාවද වෙනස් කිරීමට. [Spider Man: Homecoming]
 2013 නොවැම්බර් මස London දී Jane Foster හා Darcy Lewis හට මිට වසර දෙකකට පෙර New Mexico හිදී ඇති වූ හා සමාන සංඥාවක් අයගේ විද්‍යාත්මක උපකරනක් හරහා සොයා ගන්නවා. එම සංඥාව සොයාගෙන යන ඔවුන් පෘථිවිය හා වෙනත් ග්‍රහලෝක සමබන්ද වෙන ගුරුත්වාකර්ෂණ සහිත ද්වාරයකක් සොයා ගන්නවා.Jane මේ ද්වාරය හරහා ගොස් වෙනත් ග්‍රහ ලෝකයකට පිවිසෙනවා. එහිදී අයගේ ශරීරය තුලට මේ Aether එක ඇතුළු වෙනවා. [Thor: The Dark World]
 Greenwich වලදී Convergence එක සිදු වෙන අවස්ථාවේදී Malekith විසින් මේ Reality Stone එක තම ඇගට ඇතුළු කර ගත් නමුත් Thor සමග සටනින් පසු මෙය නැවත Asgard සතු කර ගන්නවා. [Thor: The Dark World]
 Thor තීරණය කරනවා Asgard හි සිංහාසනය භාර නොගෙන පෘතුවියේ Jane සමග ජිවත් වීමට. Malekith ගෙන් මුදවාගත් Aether එක Asgardians විසින් Taneleer Tivan නොහොත් the Collector හට භාර දෙනවා ආරක්ෂා කිරීමට. [Thor: The Dark World]
 2013 දෙසැම්බර් මස Mandarin ගේ කණ්ඩායමක් විසින් Tony ගේ mansion එකට ප්‍රහාරයක් එල්ල කර විනාශ කර දමනවා. මේ ප්‍රහාරයෙන් දිවි ගලවගන්න Iron Man එතනින් California වලට පල යනවා. [Iron Man 3]
 Pepper Potts සහ War Machine අල්ලා ගැනීමට සමත් වෙන Aldrich, James Rhodes ගෙන් War Machine suit එක පැහැර ගන්නවා. Rhodes තේරුම් ගන්නවා Killian ඇමෙරිකානු ජනාධිපති Matthew Ellis පහර ගැනීමකට සැලසුම් කරන බව. Air Force One එකට පහර දී Killian ජනාධිපතිව පැහැර ගන්න අතර එහෙඉ ඇතිවන සටන නිසා Air Force One කාර්යමණ්ඩලය යානාවෙන් බේරාගැනීමට Iron Man හට හැකි වෙනවා. [Iron Man 3]
 ජනාධිපතිව නැවත බේරා ගැනීමට Rhodes සහ Tony, Killian සොයා යන අතර පසුව සටනේදී Tony නිර්මාණය කල Iron Legion ද ප්‍රයෝජනයට ගනිමින් Killian ව පරාජය කර Potts සහ ජනාධිපතිව බේරා ගන්නවා. [Iron Man 3]
 2014 මාර්තු මස දිනක Triskelion එකට පැමිණෙන Steve හට Hydra සාමාජිකයින් විසින් එහිදී පහරදීමකට උත්සහ කලත් Steve ඉන් ගැලවී යනවා. පසුව ඔහු දැනගන්නවා HYDRA නායක Arnim Zola ගේ හඩපටයකින් දෙවන ලෝක යුද්දෙන් පසුව Zola නැවත S.H.I.E.L.D. තුලින්ම HYDRA බිහි කර ගොඩ නැගුව බව. [Captain Aamerica: The Winter Soldier]
 Hydra පාලනයට ගෙන තිබෙන Triskelion එකට පැමිණෙන ඔවුන් Hydra හි මෙහයුම අසාර්ථක කිරීමට හැකි වෙනවා. [Captain Aamerica: The Winter Soldier]
 Peter, Ravagers කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර Ravagers ලා සොයා ගන්නවා ප්‍රබල stone එකක් වන Power Stone එක නොහොත් Orb එක සගවා තිබෙන ස්ථානය. මේ සදහා Peter ඔවුන්ට හොර රහසේම ගොස් Orb එක ලබා ගන්නවා. Thanos සමග එකගතාවයකට පැමිණෙන්න Ronan, Orb එක රැගෙන ඒම සදහා Gamora ව යොදවනවා. [Guardians of the Galaxy]
 Orb එකේ ඇති භයානක කම නිසා Gamora ගේ අදහස වෙනස් වෙනවා. ඔවුන් සියලු දෙනාම තීරණය කරනවා මේ Orb එක The Collector හට භාර දීමට. Peter ඇතුළු පිරිස Knowhere වල Collector හමු වී එය භාරදෙන අවස්ථාවේදී Collector ගේ සේවිකාවක්, Orb එක ස්පර්ශ කිරීම නිසා Collector Museum එක විනාශ වෙනවා. Drax ගේ පණිවිඩයක් නිසා මෙතනට Ronan සහ ඔහුගේ හමුදාවක් පැමිණෙනවා. Peter සහ පිරිසට පහර දෙන දෙන Nebula සහ Ronan ගේ හමුදාව Orb එක ලබා ගන්න අතර Peter සහ Gamora, Yondu Udonta හට කොටුවෙනවා. [Guardians of the Galaxy]
 Rocket, Groot සහ Drax ද ඔවුන්ට එකතුවෙන අතර ඔවුන් තීරණය කරනවා Ronan එරෙහිව සටන කර Orb එක ලබාගෙන ආරක්ෂා කිරීමට. Xandar හි Nova Corps සමග එකතු වී Rocket, Groot, Drax, Peter සහ Gamora, Ronan හමුදාව සමග සටනක් ඇති වෙනවා. මේ සටනේදී Orb එකේ බලයෙන්ම Ronan විනාශ කොට Peter ඇතුළු Guardians of the Galaxy ජයගන්නවා. [Guardians of the Galaxy]
 Egoගේ සැලසුමට එරෙහිව Ego සමග සටන කරන Peter සහ Guardians ලා Ego පරාජය කිරීමට හැකි වෙනවා. පුපර යන detonater නිසා Egoගේ මෙහෙයුම් මොළය විනාශ වී Ego ද විනාශ වී යනවා. [Guardians of the Galaxy Vol.2]
 සටනින් පසු පීටර් බේරාගැනීමට අභ්‍යවකාශයට රැගෙන යන Yondu අභ්‍යවකාශය ඔක්සිජන් නොමැති වීමෙන් මිය යනවා. Sovereign සාමාජිකයෙක් ඇවිත් Ayesha ට කියනවා council එක සුදානම් වී ඇති බව. Ayesha කියනවා ඇය Anulax Batteries නැති කරගැනීම සම්බන්ධයෙන් ඔවුන් shock වෙයි නමුත් ඇය නිර්මාණය කල දෙය නිසා ඔවුන් එය අමතක කරවී කියල. Birth pod එකක් ඇතුලේ සිටින ඔහුට ඇය Adam කියලා නම තියෙනවා. [Guardians of the Galaxy Vol.2]
 Sokovia වල HYDRA Research Base එකේදී Scepter එක ඔවුන් සතු කරගෙන සිටින Hydra නායක Wolfgang von Strucker, සමග ඔවුන්ගේ පරීක්ෂණයට යොදා ගත් Pietro Maximoff සහ Wanda Maximoff දකින්න පුළුවන්. [Captain Aamerica: The Winter Soldier]
 2015 අප්‍රේල් 28 දින HYDRA සතුව පවතින scepter එක සොයා Avengers ලා, Sokovia හි පිහිටි HYDRA පරේෂණ මධ්‍යස්ථානයකට පහර දී scepter ඔවුන් සතු කර ගන්නවා. [Avengers: Age of Ultron]
 Avengers Tower හිදී Tony Stark සහ Bruce Banner, scepter එක බලය භාවිතා කරමින් Ultron බිහිකිරීමට පරීක්ෂණයක් සිදු කරනවා. නමුත් මෙහිදී Ultron විසින්ම සක්‍රියනය වී J.A.R.V.I.S. විනාශ කර එහි පාලනයද Iron Legion තුලට ගොස් ශරීර නිර්මාණය කොට Avengers හට පහර දී, scepter එකද රැගෙන පලා යනවා. [Avengers: Age of Ultron]
 Ultron පරීක්ෂණ ශරීරය හට නැවත තම වැඩසටහන ක්‍රියාත්මක කල හැකි බව සිතන Tony හා Bruce ඔවුන්ගේ පරීක්ෂණ නැවත ආරම්භ කරන අතර පසුව Thor විසින් අකුණු බලය උපයෝගී කරගෙන Ultron හට ජිවය ලබා දීමෙන් Vision නිර්මාණය වෙනවා. [Avengers: Age of Ultron]
 Avengers, Vision, Pietro සහ Wanda, Sokovia වලදී පෘතුවිය විනාශ කිරීමට එරෙහිව Ultron රොබෝ හමුදාවට අතර සටනක් ඇති වෙනවා.මෙහිදී ඔවුන්ට Ultron ව විනාශ කිරීමට හැකි වෙන නමුත එහිදී Pietro මිය යන අතර Hulk සැම දෙනාගෙන් වෙන් වී යාමට තීරණය කරනවා. [Avengers: Age of Ultron]
 2015 ජුලි 17 වන දින Scott Lang , San Quentin State Prison එකෙන් නිදහස් වෙන අතර Hope van Dyne සහ Pym සමාගමේ වර්තමාන අධ්‍යක්ෂ Darren Cross උත්සහ කරනවා Pym ගේ Ant-Man තාක්ෂනය Yellowjacket නමින් නැවත නිර්මාණය කිරීමට. [Ant Man]
 Pym, Ant-Man තාක්ෂනය ඇති භයානක කම නිසා Yellowjacket ව්‍යාප්තියට අකැමති අයෙකි.මේ නිසා ඔහු එය නැවත්වීම සදහා Dyne ගේ ද උදව් ඇතිව Ant-Man නැවත බිහි කිරීමට උත්සහ කරන අතර ඔහුට අවශ්‍ය වන්නේ Lang ඒ සදහා යොදා ගනිමටයි. තම පත්ව සිටින තත්වයේ හමුවේ මෙය හොද අවස්ථාවක් බව සිතු Lang ඒ සදහා කැමති වෙනවා. Pym සහ Dyne එකතු වී Lang ව Ant-Man වීමට පුහුණු කරනවා. [Ant Man]
 Cross ඔහුගේ Yellowjacket නිර්මාණය එළිදැක්වීමේදී Ant-Man ඔහුගේ යාලුවන්ගේද උදව් සමග එතනට පහර දීමට පටන් ගන්නවා. පසුව Cross විසින් Yellowjacket suit එක පලද Ant-Man සමග සටනටක් ඇති වන අතර එහිදී Yellowjacke මිය යනවා. සටනින් Quantum Realm එක තුලට යන Ant-Man නැවතත් පිටත ලෝකයට ඒමට හැකි වෙනවා. [Ant Man]
 2015 ඔක්තෝම්බර් මස Zealots (Masters of the Mystic Arts වලින් වෙන් වුන පිරිසගෙන් එකතු වූ කණ්ඩායමක්) එනවා නේපාලයේ කත්මන්ඩු වල Kamar-Taj වලට. මේ කණ්ඩායමේ නායකයා වන්නේ Kaecilius. ඔවුන් ඝාතනය කරනවා ග්‍රන්ථ ශාලාව භාරව ඉන්න Masters of the Mystic Arts සාමජිකයෙකුව. පසුව Kaecilius විසින් Cagliostro පොතෙන් පිටු දෙකක් ඉරා ගන්නවා. මෙතනට එන Ancient One නිසා Kaecilius සහ ඔහුගේ කණ්ඩායම පැන යනවා ද්වාරයකින්. Ancient One සහ Zealots කණ්ඩායම අතර සටනක් ඇති වෙනවා . නමුත් Kaecilius ද්වාරයක් නිර්මාණය කර ඉන් සටනෙන් ඉතිරි ඉතුරු සාමාජිකයින් සමග පලා යනවා. [Doctor Strange]
 2016 පෙබරවාරි මස 3 වන දින Stephen Strange එහෙමත් නැතිනම් Doctor Strange කියන සුප්‍රසිද්ධ ශෛල්‍ය වෛද්‍යවරයා සුදානම් වෙනවා රාත්‍රී භෝජනයකට යාමට. Strange ට ලැබෙන scan රුපයක් පරික්ෂ කරන අතරතුරේ ඔහුගේ කර එක තවත් කර එකක ගැටී ප්‍රපාතයකට වැටි අනතුරකට පත් වෙනවා. Strange සුව වුනත් ඔහුගේ අත් දෙක සම්පුර්ණ සුව වෙලා නැ. ඔහුගේ දෑත් තවමත් වෙව්ලනවා ස්නායු අප්‍රාණික වෙලා. Strange වෛද්‍ය කණ්ඩායමක් රැස් කරලා සුව කර ගැනීමට උත්සහ කරනවා. නමුත් එය සාර්ථක වන්නේ නෑ. [Doctor Strange]
 2016 මැයි 3 වන දින නයිජීරියාවේ ලාගොස් හිදී Steve Rogers, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximof මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ Crossbones විසින් Institute for Infectious Diseases තුලින් bioweapon එකක් පැහැරගැනීමට උත්සහ කරන බව ලැබෙන තොරතුරක් මත. (මේ ගැන ඔවුන් දැන ගන්න විදිය තියෙන්නේ Captain America: Civil War Prelude Infinite Comic එකේ.) Steve සහ Crossbone අතර සටනකින් පස්සේ Crossbone බෝම්බයක් පුපුරවාගෙන මරාගෙන මැරෙන්න ගියත් Wanda නිසා Steve බේරෙනවා. Crossbone මැරෙන්න කලින් කියන්නේ ඔහුව එව්වේ bucky කියලයි. ඒ බෝම්බය Wanda ගේ පාලනයෙන් ගිලිහි ගිහින් ගොඩනැගිල්ලක වැදීමෙන් පිපිරිලා යනවා. මේ සිදුවීමෙන් එහි සිටි මිනිසුන් කීපදෙනෙක් මිය යනවා. [Captain America: Civil War]
 2016 මැයි 4 වන දින Christine දුන්න file එක (අංශභාග වී සුව වූ පුද්ගලයාගේ) ඇති විස්තර අනුව Strange ඔහුව හමු වී දැනගත් විස්තර අනුව Kamar-Taj හොයාගෙන නේපාලයේ කත්මන්ඩු නුවරට යනවා. [Doctor Strange]
 ඇමෙරිකානු රාජ්ය ලේකම් Thaddeus Ross විසින් Sokovia Accords, Avengers හට ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ මත අනුව Avengers කණ්ඩායම් දෙකකට බෙදෙනවා. [Captain America: Civil War]
 Vienna දී එක්සත් ජාතීන්ගේ සමුළුවේ ආරම්භ කරමින් Wakanda වල රජු වන T'Chaka නැතිනම් T'Challa ගේ පියා කතාව පවත්වාගෙන යන අතරතුර එතනට බෝම්බ ප්ර3හාරයක් එල්ල වෙනවා. මේ ප්රaහාරයෙන් Wakanda රජු T'Chaka මිය යනවා. මේ ප්‍රහාරය Winter Soldier විසින් සිදු කර ඇති බව ප්‍රචාරය වීමක් සමග Steve, Bucky සිටින ස්ථානය සොයා ගන්නවා. Steve කියන්නේ හමුදාව Bucky ව සොයාගෙන මග එනවා ඔහුට ඕනි Bucky ව එතනින් බේරාගෙන යාමට කියලා. හමුදාව එතනට කඩා වැදීමත් සමග ඔවුන්ට පහර දී Steve, Bucky එතනින් පැන යනවා. Bucky පැන යන අවස්ථාවේ එතනට කඩා පාත් වෙනවා Black Panther එහෙමත් නැත්නම් T'Challa. Bucky පලා යන්න උත්සහා කලත් අවසානයේ ඔහුව අත්අඩංගුවට ලක් වෙනවා. [Captain America: Civil War]
 2016 ජුනි 24 Accords එකට පක්ෂ Iron Man කණ්ඩායම සහ Accords එකට විරුද්ධ Captain America කණ්ඩායම අතර ජර්මනියේ Schkeuditz ගුවන් තොටුපල හි සටනක් ඇති වෙනවා. මේ සදහා Spider-Man, Iron Man කණ්ඩායම හා සම්බන්ධ වෙනවා. [Captain America: Civil War]
 Zemo අනවරණය කරනවා Tony ගේ මව සහ පිය Winter Soldiers විසින් ඝාතනය කර බව. Tony මෙතනදී දැන ගන්නවා Steve මේ ඝාතන පිළිබද දැනගෙන සිටි බව. පසුව Tony, Steve සහ Bucky අතර සටනක් ඇති වෙනවා. Steve තමා shield එක මගින් Tonyට පහර දී Arc Reactor ටද පහර දීල සටන නවත්වනවා. Buckyත් එක්කගෙන එතනින් පිටවෙද්දී Tony කියනවා ඔහු අතේ තියෙන shield එක Steve ට අයිති නැති බවත් එය Tonyගේ පියා නිර්මාණය කල බවත්. shield එක බිම දමා Steve එතනින් පිටත් වෙනවා. [Captain America: Civil War]
2016 ජුනි මස 25 වන දින Red Room සම්ජිකාවක් වන Yelena පෙර සිටි Black Widow කෙනකු වන Oksana මරාදමන අතර එහිදී Yelena, Red Dust එකක් මගින් Red Room පාලනයෙන් මිදී යනවා. මේ අතර Sokovia Accords උල්ලගනය කල Natasha, Thaddeus Ross ගෙන් Norway වලට පලා එනවා. එහිදී ඇයට Yelena විසින් එවන ලද Red Dust හමුවෙන අතර මේ Red Dust පසු පස එන Taskmaster හා Natasha අතර සටනක් ඇතිවී ඉන් Natasha, Red Dust රැගෙන පලා යනවා. [Black Widow]
 Natasha සහ Yelena, Budapest හිදී නැවත හමුවෙනව. ඔවුන් එහිදී Black Widows කණ්ඩායමක් සහ Taskmaster අතර සටනක් ඇති වෙන නමුත් එහෙදිත් ඔවුන් පලා යනවා. [Black Widow]
 Yelena, Red Dust බෝම්බයක් මගින් Black Widows සියලුදෙනාම Red Room control එකෙන් මුදවා ගන්නවා. Melina, Red Room engine එකට පහර දීම නිසා Red Room එක අක්‍රිය වී කඩා වැටීන අතර පලා යන Dreykov ව මරා දැමීමට Yelena හට හැකි වෙනව. Natasha සහ Taskmaster අතර සටනින් පසු Antonia ව Red Dust එක මගින් Red Room පාලනයෙන් ඉවත් කරගැනීමට Natasha හට හැකි වෙනවා. [Black Widow]
 2016 ජුනි 29 දින T'Challa ව නැවත Wakanda වලට තම සිහසුන භාරගැනීමට යන අතරතුරේ මෙහෙයුමකට සම්බන්ධ වෙනවා. ඒ අනුව Balck Panther සමග ගෝත්‍රික හමුදව සටනක් ඇති වෙනවා. මේ සටනට Nakia සහ Okoye ගේ සහයට ලැබෙනවා. [Black Panther]
 Wakanda වලට අවශ්‍ය වුනු Ulysses Klaue ව අල්ලාගැනීමට ඔවුන් සුදානම් වෙනවා. ඒවගේම Ulysses Klaue Wakanda වලින් Vibranium පහර ගැනීමේදී W'Kabi ගේ දෙමව්පියන් මිය ගිය බවත් දැන් ගන්න ලැබෙනවා. T'Challa පොරොන්දු වෙනවා W'Kabi ට Ulysses Klaueව Wakanda වලට රැගෙන එන බවට. ඒ අනුව බුසාන් වලදී කැසිනෝ එකකදී Ulysses Klaue අල්ලා ගැනීමට T'Challa ඇතුළු කණඩායමට හැකි වුනත් Erik Killmonger කණ්ඩායම පැමිණ Klaue ව රැගෙන යනවා. [Black Panther]
 Killmonger ආරම්භ කරන ආයුධ ප්‍රවාහනය කිරීමට New York City, London සහ Hong Kong වලට. ප්‍රවාහන කරන යානාවක් විනශ කරමින් එතනට එන T'Challa නොහොත් Black Panther, Killmongerට නවතත් අභියෝග කර සටනකින් පසු Killmonger මිය යනවා. [Black Panther]
 2016 සැප්තැම්බර් 20 දින Davis ලැබෙන තොරතුරකට අනුව Spidey, Adrian කණ්ඩායමේ අවි වෙලදාම් ගනුදෙනුවක් නතර කිරීමට උත්සහ කලත් එය අසාර්ථක වුන නමුත් Iron Man ගෙ සහයෙන් විනාශවීමට ගිය cruse එක මගින් සමග බේරා ගන්නවා. [Spider Man: Homecoming]
 Avenger Tower එකෙන් ගෙන යන බඩු රැගත් ගුවන් යානය පහර ගැනීමට උත්සහ කරන Vulture ව නතර කිරීමට Peter සමත් වෙනවා. [Spider Man: Homecoming]
 Kamar-Taj හි පුහුණුව ලැබූ Strange, Eye of Agamotto භාවිත කරමින් කාලය හසරවීමට හැකි වෙනවා. London Sanctum වල දොරටුව විවෘත වී Kaecilius පහර දීමට පටන් ගන්නවා. පහර දීමෙන් Strange, New York Sanctum තුලට විසි වෙනවා. New York Sanctum තුලට එන Kaecilius එහි ආරක්ෂකයව ඝාතනය කරනවා. පසුව Strange සමග සටනක් ඇති වෙන අතර එහිදී Kaecilius පැන යනවා. මෙහිදී Cloak of Levitation සතු කරගැනීමට strange හට හැකි වෙනවා. [Doctor Strange]
 2017 ජනවාරි 17 දින Hong Kong වලට එන Kaecilius හා කණ්ඩායම Hong Kong Sanctum ආක්‍රමණය කරන්න සුදානම් වෙනවා. ඒවගේම Wong සහ Sanctum වල පිරිස Kaecilius ට එරෙහිව සටන් කිරීමට සුදානම් වන අතර Dark Dimension එක මගින් ආක්‍රමණය කිරීමට Dormammu සුදානම් වෙනවා. Mordo නැවතත් Kaecilius සමග සටන් කරන්න පටන් ගද්දි Strange, Dark Dimension තුලට ගොස් Dormammu time loop එකක සිරකර Dormammu ව සහ Kaecilius නතර කිරීමට හැකි වෙනවා. [Doctor Strange]
 2017 නොවැම්බර මස දිනක Thor හට Doctor Strange හමු වෙනවා. Doctor Strange අහනවා පෘතුවියට තර්ජනයක් වන Loki නැවත රැගෙන අවේ ඇයි කියලා. තම පියා සොයා ආව බව පවසන Thor පසුව නැවත Asgard වලට යන බව පොරොන්දු වෙනවා. ඒ අනුව Doctor Strange කැමති වෙනවා Thor ට උදව් කිරීමට. Norway වලට එන Thor සහ Loki ට Odin ව හමු වෙනවා. Odin කියනවා තමාගේ පළමු දියණිය වන Hela ගැන. Asgard හි බල තණ්හාව නිසා තමා විසින් Hela සිර කර ති බවත් Hela ගේ බලය Asgard වලදී වැඩි වන බවත් පවසනවා. [Thor Ragnarok]
 තම ජිවිත කාලය නිමා කරන Odin ගේ ආත්මය ඉවත් ව යාමත් සමග Odin සිර කර සිටි Hela නිදහස් වී එතනට පමිනිනවා. Thor, Mjølnir එක Hela ට විසි කිරීමෙන් පස්සේ Hela අල්ලාගෙන එය විනාශ කරනවා. ඔවුන් Asgard වලට පලා යන අතර තුරදී Hela සමග සටනකින් Loki සහ Thor bifrost තුලින් එලිට විසි වෙනවා. [Thor Ragnarok]
 Sakaar ග්‍රහලෝක්යට වටෙන් Thor Contest of Champions වලදී Hulk සමග සටන් කිරීමට සිදු වෙනවා. Contest of Champions තරගයේ පස්සේ Thor හා Hulk හමුවනවා. පසුව Thor, Hulk පැමිණි Quinjet එක ක්‍රියා කිරීමට යාමේදී Hulk, Bruce ලෙස පරිණාමනය වන අතර ඔවුන්ට එම ග්‍රහලෝක්යෙන් පැන යාමට හැකි වෙනවා. [Thor Ragnarok]
 Asgard Palace එකට එන Hela දකිනවා සිංහාසනය වැඩි වී සිටින Thor ව . Hela සහ Thor අතර සටනක් ඇති වෙනවා. Hela සහ Thor අතර සටනදී Hela ගේ පහරකින් Thor ගේ දකුණු ඇස අහිමි වෙනවා. අවසානයේදී අකුණු බලය හිමි කරගැනීමට සමත්වෙන Thor, Hela සහ හමුදාවට පහර දීමට හැකිවෙනවා. මෙතනට නැවතත් එන Hela හට පරාජය කිරීමට නම් Asgard විනාශ කල යුතු බව Thor තේරුම් ගන්නවා. මොකද ඇයට Asgard වලදී බලය වැඩි වන නිසා. Thor ලෝකිව යවනවා Odin's Vault එකට Surtur නැවත බිහි කිරීමට.(Surtur ගේ තියන අරමුණ Asgard විනාශ කිරීම නිසා). Loki, Crown of Surtur එක රැගෙන යාමේදී දකිනවා Tesseract එක එහෙමත් නැතිනම් Space Stone එක. Loki, Crown of Surtur එක Eternal Flame එකට දමා Surtur ව නැවත බිහි කරනවා. Surtur ව නතර කිරීමට Hela උත්සහ කලත් Surtur ගේ පහරින් Hela විනාශ වී යනවා. එත් සමග Asgard දේශය සහමුලින්ම විනශ වී යනවා. [Thor Ragnarok]
 2018 මාර්තු 14 දින alternate universe (Earth-10005) එකකින් පැමිණි Wade Wilson උත්සහ කරනවා Avengers කණ්ඩායම හා සමබන්ධ වීමට. නමුත් මේ සදහා ඔහුට ප්‍රමාණවත් හේතුවක් නොමැති නිසා Happy විසින් හුගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. [Deadpool & Wolverine]
 2018 මැයි 28 වන දින Hank තීරණය කරනවා Quantum Realm එක තුලට ගොස් Janet සොයා යාමට. එ වගේම Ant-Man සහ Wasp තීරණය කරනවා Ghost ව සහ Sonny ඇතුළු කණ්ඩායම නැවත්වීමට, ඔවුන්ගේ සහයට Luis ද එකතු වෙනවා. [Ant Man and the Wasp]
 Ant-Man සහ Wasp සටනකින් Ghost ව සටනකින් නැවත්වීමට හැකි වෙන අතර Hank, Janet සමග Quantum Realm එකෙන් නැවත ඒමට හැකි වෙනවා. පසුව Janet හැකි වෙනවා Ghost ව සුව කිරීමට. [Ant Man and the Wasp]
 Sanctuary යානයෙන් Asgardian Ship එකට ප්‍රහාර එල්ල කර Asgardian කිපදෙනුකු මරා දමනවා. පහර කෑමට ලක් වුණ Thor වත් රැගෙන Thanos කියනවා Loki ට තම සහෝදරයාගේ ජීවිතය වෙනුවෙන් Tesseract එක ලබා දෙන ලෙස. Thanos අතට Tesseract එක ලබා දීමට පෙර එතනට එන Hulk, Thanos මග සටනක් ඇති වෙනවා. පහසුවෙන්ම Hulk ව පරාජය කරන්න Thanos ට හැකි වෙනවා. තම අවසන් ශක්තියෙන් Bifrost බලයෙන් Hulk ව පෘථිවියට යැවීමට සමත් වෙන Heimdall මේ හේතුවෙන් Thanos, Heimdall මරා දමනවා. පෘතුවියේ තියන stones දෙක රැගෙන ඒමට Black Order කණ්ඩායම පිටත් කිරීමට සුදානම් වන Thanos හට Loki කියනවා පෘතුවියට පහර දීමට තමාට පළපුරුද්දක් ඇති බැවින් තමාවත් යවන ලෙස. මේ කතාවෙන් මග යවා Loki Thanos ට පහර දීමට සුදානම් වෙනවා. Space Stone එක මගින් එය වැලක්වීමට සමත් වෙන Thanos, Loki ව මරා දම Power Stone එකෙන් යානාව මුළුමනින්ම විනාශ කරමින් Space Stone පාවිච්චි කරමින් Thanos සහ Black Order කණ්ඩායම එතනින් පිටත් ව යනවා. [Avengers: Infinity War]
 2018 මැයි 30 දින Cull Obsidian සහ Iron Man අතර සටනක් ඇති වෙන අතර Strange, Wong සහ Ebony Maw අතර සටනක් ඇති වෙනවා. Cull Obsidian සහ Iron Man සටන අතරට Spider Man පැමිණෙනවා. Ebony Maw, Strange ගේ Eye of Agamotto ගලවා ගැනීමට උත්සහ කරත් එය සාර්ථක වෙන්නේ නෑ. Strange කියන්නේ මන්තරය කඩන්නේ නැතුව stone එක ගැනීමට නොහැකි බවයි. Ebony Maw, Strange රැගෙන යාමට සුදානම් වෙනවා. Iron Man, Spidey ට කියනවා Strange ව අල්ලා ගන්න කියලා. එත් Ebony Maw, Strange සහ Spidey සමගම යානාවට යනවා. Cull Obsidian ව ද්වාරයකින් වෙනත් ස්ථානයකට යැවීමට Wong ට හැකි වෙන අතර Iron Man පිටත් වෙනවා Q-Ship එකට යාමට. ඉහලට යන Q-Ship එක තුලට Strange ව Ebony Maw ඇතුලත් කර ගන්න අතර Q-Ship එක පිටත ඉන්න Spidey ට ඉහල වායුගෝලයේ ඔක්සිජන් නොමැති වීම නිසා ඇදගෙන වැටෙනවා. Iron Man විසින් New Avengers Facility වලින් මුදා හරින Armor එකක් Spidey ට සවි වෙනවා. Iron Man විසින් Spidey ව නැවත පෘතුවියට යැව්වත් යානාව මත රැදීමට Spidey සමත් වෙනවා. Q-Ship යානය අභ්‍යවකාශයට ගමන් කරනවා. මේ අතර Tony අතින් වැටුණු phone එක රැගෙන banner, Steve ට ඇමතුමක් ගන්නවා. [Avengers: Infinity War]
 Space එකේදී hole එක හරහා යන Guardians ලා දකිනවා විනාශ වුණ Asgard spaceship එක. ඔවුන්ට එහිදී Thor ව හමු වෙනවා. Thor ව අවධි කරන Mantis, Thor කියනවා Guardians ලට Thanos ගැන. Gamora පැහැදිලි කරනවා Thanos හට Infinity Stones හයම ලැබුනොත් එක finger snap එකකින් විශ්වයේ භාගයක්ම විනාශ කල හැකි බව. Thanos පරාජය කරන්න ආයුධයක් අවශ්‍ය කියන Thor ඒ සදහා Rocket සහ Groot සමග Benatar හි Space Pod එකකින් Nidavellir වලට පිටත් වෙන අතර Peter Quill, Gamora, Drax සහ Mantis Reality Stone එක ලබා ගැනීමට Knowhere වලට පිටත් වෙනවා. [Avengers: Infinity War]
 Avengers වෙන් වීමෙන් පසු Vision සහ Wanda Maximoff, Scotland වල ජිවත් වෙනවා අලුත් ජිවිතයක් ආරම්භ කරමින්. මොවුන් වීදියේ යනකොට දකිනවා නිව් යෝක් නගරයේ වුණ විපත ගැන පුවතක්. Vision ඔවුන්ගේ උදව්වට යාමට සුදානම් වෙනවත් සමග Proxima Midnight සහ Corvus Glaive පහර දෙන්න පටන් ගන්නවා. Vision ගේ Mind Stone එක ගැලවීමට උතසහ කරන ඔවුන් Wanda සමග සටනක් ඇති වෙනවා. මෙතනට උදව්ව්ට එන Steve Rogers, Black Widow, Falcon නිසා Proxima Midnight සහ Corvus Glaive එතනින් Q-Ship එකෙන් පලා යනවා. තුවාල වුනු Vision සහ Wanda, New Avengers Facility වෙත රැගෙන යාමට Steve තීරණය කරනවා. [Avengers: Infinity War]
 Titan වලදී Iron Man, Spider-Man, Star-Lord, Drax සහ Mantis Thanos හට පහර දෙන්න සැලසුමක් සාකච්චා කරනවා. Time Stone එක යොදා ගෙන Strange දකිනවා අනාගතය විකල්ප විදි 14,000.605 ක්. එ වගේම Strange කියනවා ඉන් එකම එක අවස්ථාවක් පමණයි ඔවුන් ජය ගන්නේ කියලා. Thanos, Vormir වලට පැමිණෙනවා Gamora සමග. එහිදී අපිට දකින්න පුළුවන් වෙනවා Red Skull ව. Red Skull කියනවා Soul stone එක ලබා ගැනීමටනම් තමන් වඩාත්ම ආදරය කරන කෙනාගේ ජීවිතය බිලි දෙන්න සිදු වෙන බව. එ අනුව Thanos තම දියණිය Gamora ව Soul stone එක වෙනුවෙන් බිලි දී stone එක ලබා ගන්නවා. [Avengers: Infinity War]
 2018 මැයි 31 දින Wakanda වලට පැමිණෙන Steve ගේ කණ්ඩායම T'Challa විසින් පිලිගන්නවා. සම්පුර්නයෙන්ම සුව වූ Bucky සහ Steve මෙතනදී හමු වෙනවා. Mind Stone එක නිරීක්ෂණය කරන Shuri කියන්නේ එය Vision ගේ සිරුරෙන් ඉවත් කල හැකි බවත් නමුත් එයට යාම කාලයක් ගත වෙන බව. Q-Ship යානාවෙන් එන විශාල යානාවක් Wakanda වලට ඇතුළු වීමට යාමේදී Wakanda dome එකේ වැඩි විනාශ වී යනවා. ඉන් අනෙක් යානා dome එකෙන් පිටට පතිත වෙනවා. T'Challa සුදානම් වෙනවා සටන් කිරීමට. එ වගේම Steve හට නව shield එකක් හිමි වෙනවා. Steve, Wanda හට කියා සිටිනවා stone එක ගලවූ විගස විනාශ ක දමන ලෙස. Wakandain සියලු දෙන සුදානම් වෙනවා සටන සදහා එ වගේම අපිට දකින්න පුළුවන් Bruce ව Hulkbuster එක තුල. Proxima Midnight සහ Cull Obsidian පැමිණ පවසන්නේ Stone එක ලබගන්නකම් මැරෙනා තුරු සටන් කරනවා කියා. යානා වලින් පිටට පැමිණෙන Outriders ලා dome එක හරහා එන්න පටන් ගන්නවා. එ සමගම ඔවුන් අතර සටන ඇති වෙනවා. [Avengers: Infinity War]
 මිය ගිය තරුව ක්‍රියාත්මක කර Thor සමත් වෙනවා එය නැවත යතා තත්වයට පත් කරන්න. එ සමගම Eitri, Stormbreaker නිර්මාණය කරනවා. Groot විසින් එය සම්පුර්න කිරීමත් සමග Stormbreaker හි බලය ක්‍රියාත්මක වෙනවා. බාධකයක මගින් විශාල වශයෙන් එන Outriders සමග Wakandain සහ Avengers ල සටන් කරත් Outriders ප්‍රහාර ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ අවස්ථාවේදීම Bifrost එක මගින් Stormbreaker එක සමග මෙතනට එන Thor ප්‍රහාර එල්ල කරන Outridersල මර්ධනය කරන්න සමත් වෙනවා. [Avengers: Infinity War]
 Titan වලට එන Thanos දකිනවා විනාශ වුන Q-Ship එක. Strange හට Thanos කියනවා තමන්ගේ ඉලක්කය ගැන. Thanos සහ Titan වල සිටින Avengers, Guardians අතර සටනක් ඇති වෙනවා. මේ සටන සදහා Nebula ද එකතු වෙනවා. සියලු දෙනාගේ එකතුවෙන් Thanos ගේ Infinity Gauntlet එක ඉවත් කිරීමට සුදානම් වෙනවා. නමුත් Thanos විසින් Gamora මරා දැමු බව දන ගත් පසු Quill අවේගශීලි වන නිසා ඔවුන්ට එය සම්පුර්ණ කිරීමට හැකි වෙන්නේ නෑ. Thanos දන ගන්නවා Strange Time Stone එක පාවිච්චි නොකර සටන් කරන බව. මෙතනට එන Iron Man සහ Thanos අතරත් සටනක් ඇති වෙනවා. මේ සටනින් Thanos Iron Man මරා දැමීමට සුදානම් වුනත් Strange ඔහුගේ ජීවිතය වෙනුවෙන් Time Stone එක ලබා දෙනවා. Stone එක ලබා ගත් Thanos අවසාන stone එක වෙනුවෙන් පෘතුවියට පිටත් ව යනවා. [Avengers: Infinity War]
 Mind Stone එක වෙනුවෙන් පෘතුවියට එන Thanos Avengers ල සියල්ල මර්ධනය කර Vision වෙත පැමිණියත් ඊට පෙර Wanada විසින් Vision සමගම Stone එක විනාශ කර දමනවා. Thanos Time Stone එක භාවිත කරමින් කාලය ආපස්සට හරවා Vision ගෙන් Mind stone එක ලබා ගන්නවා. [Avengers: Infinity War]
 Stones හයම Infinity Gauntlet එකට යොදා ගත් Thanos හට Thor ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් Thanos විසින් මේ අවස්ථාවේදී Infinity Gauntlet මගින් finger snap එක සිදු කරනවා. [Avengers: Infinity War]
 Snap එකෙන් පසු Bucky, Wakanda හමුදාවෙන් භාගයක්, T'Challa, Groot, Scarlet Witch සහ Sam Wilson reality එකෙන් erase වී යනවා. එ වගේම Titan වලදී Mantis, Drax, Star-Lord, Doctor Strange සහ Spidey erase වී යනවා. [Avengers: Infinity War]
 Ant-Man සුදානම් වෙනවා tunnel එක ඔස්සේ Quantum Realm තුලට ගොස් Ghost ව සම්පුර්න සුව කිරීමට Quantum අංශු රැගෙන ඒමට. Ant-Man Quantum Realm එක තුලදී ඔවුන්ගේ සම්බන්ධය විසන්ධි වී Hank, Janet සහ Dyne අළු බවට පත් වෙන්නේ Ant-Man Quantum Realm තුල සිර වෙද්දී. [Ant Man and the Wasp]
 Home arrest එකේ ඉන්න Clint Barton ඔහුගේ දුවට archery train එකක් ලබා දෙන අතර වාරයේදී මුළු Clint ගේ පවුලම Thanos ගේ snap එකට එහෙමත් නැතිනම් Decimation එකට හසු වෙනවා. [Avengers: Endgame]
 Nick Fury සහ Maria Hill, Wakanda සටන ගැන කතා කර යන විට දකිනවා මිනිසුන් erase වී යනවා. එ වගේම Maria ත්. සිදුවන දේ තේරුම් ගත්ත Fury දිව ඇවිත් pager එකින් පණිවිඩයක් යවනවත් සමග Furyත් snap වී යනවා. [Avengers: Infinity War]
 2018 ජුනි 21 දින New Avengers Facility වෙත Fury සොයා එන Captain Marvel හට එහිදී Avengers ලා හමු වෙනවා. [Captain Marvel]
 Thanos සිටින ස්ථානය සොයා ගන්නා Avengers ලා සුදානම් වෙනවා Thanos සොයා යාමට. ඒ අනුව Tony හැර අනෙක් සියලු දෙනා අලුත් වැඩියා කල Benatar එකෙන් Thanos සිටින ග්‍රහලෝකය වෙත ගොස් තනොස් ට පහර දී තනොස් ගේ අත ගලවා දැමුවත් Infinity Gauntlet එකෙහි Stones නොමැති බව තේරුම් ගන්නවා.Thanos පවසනවා තමා Stones මගින් ඉල්ලක්කය සම්පුර්ණ කරගත් පසු එය විනශ කර දැමු බව. පසුව Stormbreaker එක මගින් Thor පහරක් එල්ල කර Thanos ව මරා දමනවා. [Avengers: Endgame]
 2021 වසරේදී Ronin විසින් Tracksuit Mafia කණ්ඩායමකට පහර දෙනවා. මෙහිදී Maya Lopez ගේ පියා Ronin අතින් ඝාතනයට ලක් වෙනවා. [Hawkeye]
 Kingpin අන්ගනයකට පහරදෙන Maya Lopez එහිදී Kingpin ගේ අපරධකරුවන් සොයා එන Daredevil සමග සටනක් ඇති වෙනවා. [Echo]
 2023 ඔක්තෝම්බර් 23 දින San Francisco වල ගබඩාවක් ඉදලා Ant-Man , Luis ගේ වැන් එකේ Quantum Tunnel එක හරහා Quantum Realm එකෙන් එලිය පැමිණෙනවා. Avengers Facility වෙත එන Scott පැහැදිලි කරනවා තමන් Quantum Realm තුල සිර වී සිටයේ පිටත ලෝකයට අවරුදු 5ක් වුනාට ඔහුට එයට ගත වුනේ පැය 5ක් පමණ බවත් Quantum Realm මගින් වෙනත් කාලයකට යා හැකි බවත් එය පාලනය කරන දෙයක් නිර්මාණය කලහොත් Decimation එකට පෙර කාලයට යා හැකි බවත්. [Avengers: Endgame]
 ඒ අනුව Avengers කණ්ඩායම නැවත එකතු කරගැනීමෙන් පසු Stones නැවත රැගෙන ඒමට කණ්ඩායම් 3කින් සමන්විත Avengers ල කාලය හරහා අතීතයට ගමන් කරනවා. [Avengers: Endgame]
 Alternate timelines වල අතීතයෙන් සොයාගත් Stones සමග Natasha නොමැතිව Avengers ලා නැවත පැමිණෙනවා. Tony, Stones 6 එකතු කල Nano Gauntlet එකක් නිර්මාණය කරනවා. නිර්මාණය කල Gauntlet එකෙන් Snap එක සිදු කිරීමට Hulkට හැකි වෙනවා. [Avengers: Endgame]
 Blip එකත් සමගම 2014 Alternate timeline එකකින් පැමිණි Thanos ගේ යානාවෙන් Avengers Facility වෙත දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා. කඩා වැටුණු Avengers Facility හි Hulk,War Machine,Ant-Man සහ Rocket සිරවෙන අතර Hawkeye, Stones සමග Iron Gauntlet සොයා ගන්නවා. ඉන් පිටතට පැමිණෙන Iron Man, Captain America සහ Thor සුදානම් වෙනවා Thanos සමග සටන් කිරීමට. [Avengers: Endgame]
 Thanos සහ Iron Man, Captain America, Thor අතර සටනක් ඇති වෙන අතර Hawkeye ගෙන Gauntlet එක ලබා ගන්න 2014 Nebula, Gamora ව මැරීමට උත්සහ කිරීම නිසා වර්තමානේ Nebula විසින් මරා දමනවා. [Avengers: Endgame]
 Thanos සහ Captain America අතර සටනක් ඇති වෙන අතර මෙහිදී Thanosගේ දරුණු පහරවල් වලට Captain America ලක් වෙන අතර Sling Ring Portal එකක් මගින් එන Black Panther , Shuri සහ Okoye සටනට එකතු වනවා. ඒ සමාගම Sling Ring Portal සියගණන් නිර්මාණය වී M'Baku ඇතුළු Wakanda හමුදාවත්, Falcon , Doctor Strange , Wanda Maximoff , Spider-Man , Drax , Groot , Wasp , Star-Lord , Mantis , Winter Soldier,Rescue Armor එකෙන් එන Pepper Potts,Valkyrie,Korg Hulk, War Machine, Rocket, Giant-Man, Wong ඇතුළු Masters of the Mystic Arts කණ්ඩායම , Dora Milaje කණ්ඩායම , Ravagers කණ්ඩායම සහ Asgardians ල Captain America ගේ සටනට එකතු වෙනවා. [Avengers: Endgame]
 Thanos ගේ හමුදාව සහ Avengers අතර සටනක් Avengers Compound හි ඇති වෙන අතර දරුණු ලෙස ප්‍රහාර එල්ල කරන Sanctuary II එක සහමුලින්ම විනාශ කිරීමට එතනට එන Captain Marvel ට හැකි වෙනවා. [Avengers: Endgame]
 Gauntlet එක ලබාගෙන Thanos snap එක සිදු කිරීමට ගියත් එය කීප සැරයක්ම වළක්වෙනවා.අවසානයේ Stones ටික ලබා ගන්න Iron Man, Iron Man Armor එකෙන්ම නිර්මාණය වන Gauntlet එකකින් snap එක සිදු කරන අතර එයින් Thanos සහ මුළු හමුදාවම ඔවුගේ යාන සමගම අළු වී යනවා. Infinity Stones සියල්ලේම බලය දරාගත් නොහැකි වූ Iron Man නොහොත් Tony Stark මිය යනවා. [Avengers: Endgame]
 අලුත් Quantum Tunnel එකකින් Stones නැවත අතීතයට රැගෙන යාමට Steve පිටත් වීමත් සමග Quantum Tunnel එකෙන් නැවත නොඑන Steve ඒ අසල බංකුවක දකින්න ලැබෙනවා. Steve තම shield එක සහ Captain America නාමය Sam හට පිරි නමන අතර ඔහු ගත කල ජීවිතය රහසක් විදියටම තිය ගැනීමට කටයුතු කරනවා. [Avengers: Endgame]
 2023 නොවැම්බර් 1 වෙනි දින S.W.O.R.D. Headquarters වෙත යන Wanda, Vision හට අවමංගල්‍යක් අවශ්‍ය බව තර්ක කර Vision ගේ ශරීරය රැගෙන යාමට උත්සහ කරනවා. [WandaVision]
 පසුව Westview නමැති කුඩා ටවුන් එකකට පැමිණෙන Wanda එහි සිටි මිනිසුන් යොදාගෙන තම බලය යොදාගනිමින් reality world එකක් නිර්මාණය කරන අතර Hex එක තුලට ඇතුල්වීමට උත්සහ කල Rambeau එයින් බලයන් හිමි වෙනවා. [WandaVision]
 Wanda, reality world එක නිර්මාණය කල ආකාරය Agatha සොයා ගන්නවා. මේ නිසා Wanda සහ Agatha අතරත්, Vision සහ S.W.O.R.D. විසන් Vision ගේ සිරුරේ කොටස් reactivate කරලා living weapon එකක් විදියට සක්‍රිය කර නිර්මාණය කල White Vision අතරත් Westview හි සටනක් ඇති වෙනවා. Vision ට හැකි වෙනවා White Vision ව පාලනය කර Vision ගේ මතකය ලබා දීමට. Agatha ව පරාජය කරන Wanda ඇය නිර්මාණය කල reality එක මකා දමා Westview වලින් පිටවී යනවා. [WandaVision]
 වයස අවුරුදු 13ක් වන William Kaplan රිය අනතුරකට මුහුණ දෙන අතර ඉන් ඔහු මිය යනවා. මේ අවස්ථාවේම Wanda විසින් reality එක මකා දමන අතරතුර Billy Maximoff ගේ ආත්මය Kaplan ගේ ශරීරයට transfer කරනවා. [Agatha All Along]
 2024 දී Dark Gate එක විනාශ කිරීමට පටන ගන්න Xu Wenwu මේ හේතුවෙන් ඉන් Soul Eaters එලියට පැමිණ Ta Lo ගම්වාසීන්ගෙන් සහ Ten Rings කණ්ඩායම සාමාජිකයින්ගෙන් ආත්මය උකහාගෙන ඔවුන්ගේ නායක Dweller-in-Darkness ව පෝෂණය කරන්න පටන් ගන්නවා. වැව් පතුලෙන් හමුවෙන Great Protector ගේ උදව්වෙන් Soul Eaters ලව මර දන්නා හැකිවෙන Shang-Chi හට ඒ සදහා Ta Lo වැසියන්ගේ මෙන්ම Ten Rings කණ්ඩායම සහයද හිමි වෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]
 Xu Wenwu ගෙන් Ten Rings වල බලය හිමි කරගැනීමට Shang-Chi ට හැකිවෙන නමුත් එතනට පැමිණෙන Dweller-in-Darkness විසින් Xu Wenwu මරා දමනවා. පසුව Shang-Chi ට Ten Rings මගින් Great Protector, Xu Xialing සහ Katy Chen ගේ උපකාරයෙන් Dweller-in-Darkness ව විනාශ කිරීමට හැකිවෙනව. [Shang Chi and the Legend of the Ten Rings]
 Wong පැමිණ Shang-Chi සහ Katy Chen ව Kamar-Taj වලට රැගෙන යන අතර එහිදී ඔවුන්, Bruce Banner සහ Captain Marvel සමග Ten rings වල origin එක ගැන විශ්ලේෂණය කරනවා. කෙසේ නමුත් ඔවුන්ට එයින් නිසි නිගමනයකට ඒමට හැකි නොවුනත් මේ Ten rings මගින් mysterious පණිවිඩයක් සම්රේෂණය වන බව තේරුම් ගන්නවා. මේ අතර Ten Rings Headquarters වලට පැමිණෙන Xu Xialing, Ten Rings කණ්ඩායමේ නායිකාව බවට පත් වෙනවා. [Shang Chi and the Legend of the Ten Rings]
 2024 අප්‍රේල් 30 දින සිරෙන් පැනගිය Zemo ව රැගෙන යාමට Dora Milaje සාමාජිකාවන් කීපදෙනෙක් පැමිණෙන නමුත් එතැනදී ඔවුන් සහ ඇමෙරිකානු රජය විසින් නව Captain America ලෙස නම් කල John Walker Walker අතර ඇතිවෙන සටන අතරතුරදී Zemo පලා යනවා. පසුව Flag Smashers ලා සමග සටනකදී Karli අතින් Walker ගේ හොදම සගයා වන Lemar Hoskins මිය යන අතර මේ නිසා කෝප වුන Walker, Flag Smashers සාමාජිකයෙකු ප්‍රසිද්ධියේ මරා දමනවා. [The Falcon and the Winter Soldier]
 Shield එක වෙනුවෙන් Walker, Falcon සහ Bucky සමග සටනක් ඇති වෙන අතර එහිදී Falcon suit එකේ පියාපතක් විනාශ වී යනවා. ඇමෙරිකානු රජය විසින් Walker ගේ ක්‍රියාකලාපය හේතුවෙන් Captain America mantle එකෙන් මෙන්ම ඇමෙරිකානු හමුදාවෙනුත් ඉවත් කරන කෙසේ නමුත් Walkerගේ ගමනට උදව් කිරීමට Valentina Allegra de Fontaine කැමති වෙනවා. [The Falcon and the Winter Soldier]
 2024 මැයි 5 වන දින Wakanda හිදී Black Panther , T'Challa ගේ අවමංගල්‍ය සිදු වෙනවා. [Black Panther: Wakanda Forever ]
 2024 ජුනි 28 දින Peter යහළුවන් Europe school trip එකක් සදහා ඉතාලියේ Venice නුවරට පැමිණෙන අතර එතනට Hydro-Man පැමිණ මිනිසුන්ට පහර දීමට පටන් ගන්න අතර මෙතනට පැමිණෙන Mysterio, Hydro-Man ව පරාජය කිරීමට හැකිවෙන අතර Peter ද ඒ සදහා සහය වෙනවා. [Spider Man: Far From Home]
 Peter, Carnival of Lights වලට පැමිණෙන Molten සමග Mysterio හා සටන්කර මේ සටනේදී Molten විනාශ වෙන අතර Spider-Man ට ඔහුගේ යහළුවන්ද බේරාගැනීමට හැකි වෙනවා. [Spider Man: Far From Home]
 Beck සුදානම් වෙනවා E.D.I.T.H. තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින් London නුවර Elemental Fusion සමග සටනක් ඇති කිරීමට. Peter, Beck ගේ සැලසුම Fury හෙළිකිරීමට යාමේදී Beck එතනට පැමිණ Fury හට පහරක් එල්ල කර Peter ව illusions කීපයක සිර කරනවා. [Spider Man: Far From Home]
 2024 ජුලි 2 වන දින Elemental Fusion, London නුවරට පහර දීමට පටන් ගන්න අතර Mysterio එය සමග සටන් කිරීමට පටන් ගන්නවා. මේ සමගම Spider-Man ද මෙතනට පැමිනෙන අතර Elemental එක තුල Drones අතර සටන් කර පසුව Beck ව අල්ලා ගැනීමට ඔහුට හැකි වෙනවා. Beck මිය යාමට පෙර Spider-Man ගේ රහස් අනන්‍යතාවය මුළු ලොවටම හෙළි කරනවා. [Spider Man: Far From Home]
 2024 ජුලි 7 දින GRC ගොඩනැගිල්ලට කඩා වැදුණු Flag Smashers ලා එහි සාමාජිකයින්ව පැහැරගෙන ගොස් මරා දැමීමට උත්සහ කලත් Captain America (Sam), Bucky සහ Walker විසින් ඔවුන්ව බෙරාගනවා. [The Falcon and the Winter Soldier]
 Mysterio ඝාතනයට චෝදනා ලද සිටින Peter හමුවීමට 2014 ජුලි 15 දින Matt Murdock පැමිණෙනවා Peter හට නීතිමය උපදෙස් ලබා දීමට. [Spider Man: No Way Home]
 2024 ඔක්තෝම්බර් මස මුල් සතියේ Bruce Banner ව සොයා Sakaar සිට පැමිණෙන යානාව හේතුවෙන් Jennifer Walters සහ Banner අනතුරකට ලක් වෙනවා. මේ අනතුරින් Banner ගේ gamma විකිරණ ලේ Walters ශරීර ගත වීමෙන් ඇය Hulk කෙනෙකුට පරිණාමනය වෙනවා. [She-Hulk: Attorney at Law]
 2024 ඔක්තෝම්බර් මස 15 වෙනි දින සියවස් ගණනාවකට පසු Deviant ලා නැවත ක්‍රියා කාරී වීම හේතුවෙන් Eternals තීරණය කරනවා තම කණ්ඩායම එකතු කරගැනීමට. නමුත් තම අරමුණ Arishem හට සේවය කිරීම ලෙස තේරුම්ගත් Ikaris, Eternals නතර කිරීමෙන් Emergence එක සිදුවීමට හැරීමට උත්සහ කරන අතර මෙයට Sprite ගේද සහය හිමි වෙනවා. එහිදී Ikaris, Eternals අතර සටනක් ඇති වෙනවා. මෙතනට පැමිණෙන Kro සහ Thena අතර සටනක් ඇතිවෙන අතර එහිදී Deviant නායක වන මේ Kro ව මරා දැමීමට Thena හට හැකිවෙනවා. Eternals සාමාජිකයින් පරාජය කර Sersi ව මරා දැමීමට Ikaris උත්සහ කලත් ඔවුන්ගේ අතීත මතකයන් නිසා Ikaris, Sersi ව නොවලක්වා සිටීමට තීරණය කරනවා. Sersi සියලු Eternals ලාගේ බලයන් එකතු කරගෙන Celestial Emergence එක වලකිවීමට කටයුතු කරනවා. [Eternals]
 Ikaris, Sersiගෙන් සමාව ඉල්ලා සුර්යා වෙත පියසර කර මිය යන අතර Sprite තීරණය කරනවා බලයන් ලබා දී සාමාන්‍ය මිනිසෙකු ලෙස ජිවත් වීමට. Thena, Makkari සහ Druig යානවන් විශ්වයේ සිටින තවත් Eternals ලා සොයා පිටත් වෙනවා ඔවුන්ටද සත්‍ය තෙරුම්කරදීමට. Celestial Emergence එක නැවත්වීම හේතුවෙන් පෘතුවියේ සිටි Sersi, Phastos සහ Kingo ව Arishem විසින් ඔවුන්ව පෘථිවියෙන් පැහැරගෙන යනවා. [Eternals]
 2024 නොවැම්බර් 12 Peter, Doctor Strange සොයා New York Sanctum වලට පැමිණෙනවා. Strange හමුවෙන Peter ඉල්ලා සිටිනවා අතීතයට ගොස් Spider-Man අනන්‍යතාවය හෙළි වීම නිසා එය වලක්වා ගත හැකි මාර්ගයක් ගැන. නමුත් එහි ප්‍රතිවිපාක දන්නා නිසාත් Time Stone එක නොමැති නිසාත් Strange එය ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට ඔහු යෝජනා කරනවා මිනිසුන්ගේ මතකය මකා දැමීමේ සුත්‍රයක් ගැන. ඒ අනුව ඒ සුත්‍රය සිදු කරන අවස්ථාවේ Peter ගේ බාධා කිරීම හේතුවෙන් Strange හට සුත්‍රය වැරදි Spider-Man අනන්‍යතාවය දන්නා Multiverse හි අනික් universe පුද්ගලයීන් පැමිණීමට පටන් ගන්නවා. ඒ පැමිණි පුද්ගලයින් අතරින් Doctor Octopus සහ Green Goblin, Spider-Man සොයා එන අතර ඔවුන් අතර සටනක් ඇති වෙනවා. [Spider Man: No Way Home]
 වෙනත් universe වලින් පැමිණි අය නැවත ඔවුනොවුන්ගේ universe වලය යැවීමට උත්සහකරන Strange නතර කිරීමට එරෙහි වෙන Peter මතය වන්නේ ඔවුන් නැවත ඔවුන්ගේ universe එකට යැවීමෙන් ඔවුන් මිය යා හැකි බවත් ඔවුන්ව මුදවාගෙන සුව කර නැවත ඔවුන්ගේ universe වලට යැවිය යුතු බවයි.මේ හේතුවෙන් Strange සහ Spider Man අතර සටනක් ඇති වෙන අතර Strange, Spider Man ව Mirror Dimension එකේ සිර කිරීමට උත්සහ කලත් ඉන් Strange එහි සිර කිරීමට Spider Man ට හැකි වෙනවා. [Spider Man: No Way Home]
 Peter ගේ ඒ සැලැස්මට May, Jones, සහ Leeds උදව් කිරීමට කැමති වන අතර එහිදී Green Goblin හා සමග ඇතිවෙන සටනක් අතර තුරදී Aunt May මිය යනවා. කෙසේ නමුත් Peter තවත් Universe දෙකකින් පැමිණි Peter Parker දෙදෙනුකු සමග එක වී Green Goblin, Doctor Octopus, Sandman , Lizard සහ Electro සුව කිරීමට හැකි වෙනවා. Multiverse තුලින් තව තවත් Peter ව Spider-Man ලෙස හදුනන අය පැමිණීමට පටන් ගන්න අතර ඔවුන් නතර කිරීමට හැකි එකම මග තමන්ව Peter Parker ලෙස හදුනන අයව මතකයෙන් ඉවත් කිරීමෙන් පමණක් බව තේරුම් ගන්න Peter, Strange හට පවසනවා ඒ විදියට මන්ත්‍රය සිදුකරන ලෙස. ඒ අනුව මන්ත්‍රය සිදුකිරීමෙන් universe එකේ සියලු දෙනාගෙන් Peter Parker මතකයන් මැකී යනවා. [Spider Man: No Way Home]
 2024 නොවැම්බර 24 දින Scarlet Witch විසින් Gargantos නම් creature කෙනෙකු එවනවා Multiversal හරහා ගමන් කල හැකි බලයක් ඇති වෙනත් universe එකකින් පැමිණි America Chavez ව පැහැර ගැනීමට. මෙහෙදී Wong සහ Doctor Strange මැදිහත් වීමෙන් Chavez ව බේරාගැනීමට හැකි වෙනවා. පසුව ඇය Strange ආරක්ෂාව යටතේ Kamar-Taj වලසිටින බව දැනගන්නා Scarlet Witch, Kamar-Taj වලට පහර දෙන අතර එහිදී Strange සහ Chavez තවත් Universe එකකට විසි වී යනවා. [Doctor Strange in the Multiverse of Madness]
 ඔවුන් විසි වී ගිය Universe එකේ Wanda ගේ මනස පාලනයට ගනිමින් Scarlet Witch, Chavez අල්ලාගෙන ඇයගේ බලයන් ගෙන එමගින් ඇයගේ වෙනත් universe එකක දරුවන් ලබාගනීමට උත්සහ කරනවා. එහිදී Chavez විසින් ඔවුන් කලින් ගිය universe එකේ Wanda ගේ නිවසට portal එකක් නිර්මාණය යථාර්තය පෙන්වා දෙනවා. [ Doctor Strange in the Multiverse of Madness]
 2024 දෙසැම්බර් 19 වන දින black market වෙන්දේසියකදී Tracksuit Mafia කණ්ඩායම විසින් සිදු කරන මන්කොල්ලයකදී Kate, වෙනදෙසියට නියමිතව තිබු Ronin ගේ suit එක හදගෙන ඔවුනට පහර දී පලා යනවා. මෙම සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමග Suit එක සොයා එන Clint හට Kate ව හමුවෙනවා. [Hawkeye]
 Maya තම පියා ඝාතනය කල Ronin ව සොයා පලිගැනීමට සුදානමින් සිටින බව දැන ගන්නා Clint සහ Kate, Echo සහ Tracksuit Mafia කණ්ඩායමට පහරදී ඉන් පලායාමට හැකිවෙනවා. [Hawkeye]
 Maya ගේ apartment එකට ඇතුළු වන Kate එහෙදී Maya අතර සටනක් ඇති වෙන අතර ඇයව යෙදවූ Clint ට එතනට පැමිණි Yelena Belova පහර දීමට පටන ගන්නවා. මේ සටන අවසානයේදී Maya සහ Yelena එතනින් පලා යනවා. [Hawkeye]
 2024 දෙසැම්බර් 24 දින සියල්ල නිමා කිරීම අරමුණින් අවසානයේදී Echo හමුවෙන Ronin එහෙදී තම Clint බව පෙන්වා දෙනවා. ඊට අමතරව ඇයගේ පියා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ඔහුගේම boss Wilson Fisk නොහොත් Kingpin බව Clint හෙළි කරනවා. ඔවුන් අතර සටනක් ඇතිවෙන අතර Kate පැමිණ Clint ව බේරා ගන්නවා. [Hawkeye]
 Fisk ට එරෙහිවී ඉවත්ව යාම වෙනුවෙන් Fisk, Eleanor ව මරා දැමීමට උත්සහ කලත් එය සාර්ථක වන්නේ නෑ. Christmas Eve party එකට ප්‍රහාරයක් එල්ල කරන Kazi Kazimierczak සහ Tracksuit Mafia, Kate Bishop සහ Hawkeye සමග සටනක් ඇතිවෙනවා. එහිදී Tracksuit Mafia කණ්ඩායම මෙල්ල කිරීමට ඔවුන්ට හැකිවෙනවා. මෙතනට පැමිණෙන Yelena ද Hawkeye අතර සටනක් ඇතිවෙන අතර එහිදී Hawkeye, Natasha ගේ sacrifice එක ගැන පැහැදිලි කර දෙනවා. මේ අතර මෙතනට එන Fisk, Kate Bishop අතරද සටනක් ඇතිවෙන අතර එහිදී Fisk හට තුවාල සිදුවී පලා යනවා. පලා යන Fisk ඉදිරියෙට එන Maya, තම පියාගේ සැබෑ ඝාතකයා Fisk හට වෙඩි ප්‍රහාරයක් එල්ල කරනවා. [Hawkeye]
 2025 අප්‍රේල් 29 දිනදී Arthur Harrow විසින් එජිප්තු creature කෙනක් වෙන Jackals ව මෙහෙයවනවා Steven Grant ව මරාදැමීමට. මෙහිදී Moon Knight පාලනයට ගෙන Jackals ව මරාදැමීමට Spector ට හැකි වෙනවා. [Moon Knight]
 2025 මැයි මස දිනක Riri Williams ව සොයා FBI හමායන අවසතව්කදී Vibranium Detector එක නිර්මාණය කිරීම හේතුවෙන් Talokanil පිරිසක් පැමිණ Shuri සහ Riri Williams අල්ලාගෙන යනවා. [Black Panther: Wakanda Forever]
 Shuri සහ Riri බේරාගෙන යාමට පැමිනි Nakia අතින් Talokanil කෙනෙකු මිය යාම හේතුවෙන් Namor සහ Talokanil ලා, Wakanda වට ප්‍රහාර එල්ල කරන අතර ඉන් Wakanda රැජිණ Ramonda මිය යනවා. [Black Panther: Wakanda Forever]
 Ramonda ගේ මියයාමත් සමහ Talokanil සහ Wakanda අතර සටනක් ඇති වෙන අතර එයට Riri ද සමබන්ධ වෙනවා. Namor සහ නව Black Panther කෙනෙකු වූ Shuri සමග සටනේදී Namor ගේ යටත් වීම හේතුවෙන් ඔහුට සමව දෙන Black Panther, Talokanil සහ Wakanda සටන නවතා දමනවා. [Black Panther: Wakanda Forever]
 2025 අගෝස්තු 15 දින Leapfrog ව සොයා යන Daredevil ට She-Hulk හමුවෙනවා. පසුව Daredevil ගේ අනන්‍යතාවය දැනගත් She-Hulk, Leap Squad එකට පහර දී Leapfrog අල්ලාගැනීමට Daredevilට සහය ලබා දෙනවා. [She-Hulk: Attorney at Law]
 සැප්තැම්බර් 16 වන දින Jersey City හි Kamala Khan ඇයගේ අත්තම්මගේ පෙට්ටගමෙන් පෞරාණික වළල්ලක් (Quantum Bands) සොයාගන්නවා. මෙහින් යම් බලයන් හිමි කරගන්නා ඇය මේ නිසා සමාජ මාධ්‍ය ජලයේ ප්‍රසිද්ධ වෙනවා.[Ms.Marvel]
 Kamala Khan ගේ Quantum Bands වල බලය නිසා එය සොයා පැමිණෙන Damage Control කණඩායමක් සටනකින් පරාජය කිරීමට Kamala Khan නොහොත් Ms. Marvel සහ Kamran හට හැකි වෙනවා. [Ms.Marvel]
 Vanessa Fisk ගේ නියෝගයෙන් Bullseye විසින් Foggy Nelson ව ඝාතනය කරනවා. මෙහිදී Daredevil සහ Bullseye අතර සටනක් ඇති වෙන අතර අවසානයේ Bullseye අත්අඩංගුවට ගැනෙන අතර Matt Murdock තීරණය කරනවා Daredevilට සමුදීමට. [Daredevil: Born Again]
 2025 ඔක්තෝම්බර් 21 දින Gorr the God Butcher විසින් Shadow Monsters ලව මෙහෙයවනවා New Asgard වලට පහරදීමට. මෙහිදී New Asgard ආරක්ෂා කිරීමට Thor පැමිණේනෙන අතර එයට Mighty Thor ද සම්බන්ධ වෙනවා. කෙසේ නමුත් මෙහෙදී New Asgard හි දරුවන් පැහැරගෙන යාමට God Butcher ට හැකි වෙනවා. [Thor: Love and Thunder]
 Gods ලා හබා එන Gorr ගෙන Zeus හට අනතුරු ඇගවීමට සහ උදව් ලබාගැනීමට Omnipotence City වෙත එන Thor, Mighty Thor, Valkyrie, සහ Korg හට Zeus පහර දීමට පටන් ගන්නවා. මේ හේතුවෙන් ඔවුන්ට පහර දෙන Thor ඇතුළු පිරිස Zeusව මරා Zeusගේ Thunderbolt එක ගෙන පලා යනවා. [Thor: Love and Thunder]
 Thor ගෙන් පැහැර ගත් Stormbreaker මගින් Gorr උත්සහ කරනවා Eternity ගේ දොරටුව විවෘත කිරීමට. එහිදී Thor සහ Mighty Thor, Gorr සමග සටන් කරනවා. සටන අවසානයේ Gorr ට හැකි වෙනවා Eternity හමුවට යාමට සහ ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කර ගැනීමට. කෙසේ නමුත් Thor ගේ පැහදිලි කිරීමෙන් Gorr ගේ දෙවියන් ඉවත් කිරීමේ ප්‍රාර්ථනාව වෙනුවට තම දියණිය ජිවත් කිරීමේ ප්‍රාර්ථනාවක් ලෙස වෙනස් වෙනවා. ඒ අනුව Gorr ගේ මිය ගිය දියණිය වන Love නැවත පුනුරුප්පත්තිය ලබනවා. පිලිකාවක සිටි Mighty Thor මිය යන අතර ඇය Valhalla වෙත ගමන් කරනවා. Thor තීරණය කරනවා Gorr දියණිය තම භාරයට ගෙන හද වඩා ගැනීමට. [Thor: Love and Thunder]
 2025 ඔක්තෝබර් 31 දින Monster Hunting Cabal හි Verussa Bloodstone සහ ඇයගේ සාමාජිකයින් මරා ඔවුන්ගේ ග්‍රහණයෙන් පැන යාමට Jack Russell නොහොත් Werewolf සහ Man-Thingට හැකි වෙනවා. [Werewolf by Night]
 2025 දෙසැම්බර් 23 දින Peter Quill ගේ නත්තල් ත්‍යාගය සදහා Drax සහ Mantis විසින් Kevin Bacon ව පෘථිවියෙන් පැහැරගෙන යනවා. [The Guardians of the Galaxy: Holiday Special]
 2026 ජුලි 24 දින Cassie විසින් නිර්මාණය කල Quantum Satellite එක ක්‍රියාත්මක වීමෙන් Scott,Cassie,Hope, Janet සහ Hank Pym, Quantum Realm එකට ඇදී යනවා. [Ant-Man and the Wasp: Quantumania]
 Quantum Realm එක තුලදී ඔවුන්ට Council of Kangs එක මගින් Quantum Realm එකට නෙරපා සිරකර දැමු Kang the Conqueror හමුවනවා. Pym කණඩායමේ උදව් ගෙන Quantum Realm එකෙන් පැනයාමට Kang the Conqueror උත්සහ කරන නමුත් Conqueror සහ හමුදාවට පහර දී Quantum Realm එකෙන් පැන යාමට Pym කණඩායමට හැකි වෙනවා. [Ant-Man and the Wasp: Quantumania]
 2026 සැප්තැම්බර් 04 දින Adam Warlock විසින් Guardians of the Galaxy ලාට පහර දෙනවා. ඒ Ayesha විසින් Rocket ව පැහැරගෙන ඒමට Adamව යොදවන හේතුවෙන්. කෙසේ නමුත් මෙහිදී Adam, Rocket පැහැරගෙන ඒමේ මෙහෙයුම අසාර්ථක වන අතර ගැටුමේදී Rocket තුවාල ලබනවා. [Guardians of the Galaxy Vol. 3]
 තුවාල ලබා මියමින් සිටින Rocket ගේ killswitch එක ඉවත් කිරීමට Guardiansලා Counter-Earth වල High Evolutionary ලග ඇති passkey එක සොයා යනවා. මෙහෙදී ඇතිවෙන සටනේදී Counter-Earth එක විනාශ වන අතර එහිදී Ayesha මිය යනවා. [Guardians of the Galaxy Vol. 3]
 Arête Laboratories එකෙන් පලා යන High Evolutionary ව හබා යන Guardiansලා High Evolutionary හමුදාවට පහර දෙන අතර Guardiansලා ගේ සහයට පැමිණෙන Kraglin සහ Cosmo, Knowhere වලට පහරදීමට පැමිණෙන Orlonis හමුදාව විනාශ කිරීමට හැකිවෙනවා. [Guardians of the Galaxy Vol. 3]
 High Evolutionary ව අල්ලාගැනීමට හැකිවෙන Guardiansලා ඔහු සිරකරන් සිටි ඔහුගේ පරිෂණය සදහා යොදාගන්මට සිටි Star Children සහ සතුන් නිදහස් කිරීමට හැකි වෙනවා. Adam Warlock, Guardians of the Galaxy කණ්ඩායමට එකතු වන අතර එහි නායකත්වය Rocket Raccoon හට හිමි වෙනවා. [Guardians of the Galaxy Vol. 3]
 2026 නොවැම්බර් 4 වන දින Gravik විසින් රුසියාවේ මොස්කව් නගරයේ බෝම්බයක් පුපුරවා හරිනවා. මෙයින් රුසියානු ජාතකයින් 2000 කට පමණ තම ජිවිත අහිමි වෙනවා. පසුව Nick Fury ලෙසින් වෙස්වලාගත් Skrull Resistance කෙනෙකු විසින් Maria Hill ව වෙඩි තබා ඝාතනය කරනවා. [Secret Invasion]
 2026 නොවැම්බර් 8 දින ලන්ඩන් හිදී Gravik සහ Skrull Resistance ලා විසින් ඇමෙරිකානු ජනාධිපති ඝාතනය කිරීමට උත්සහ කරනවා. ඔවුන්ගේ මෙහෙයුම් අසාර්ථක වුනත් හිටපු Skrulls නායක Talos, Gravik විසින් මරා දමනවා. [Secret Invasion]
 රුසියාවේ New Skrullos හිදී G'iah සහ Gravik අතර ඇතිවෙන සටනේදී Gravik ව මරා දැමීමට G'iahට හැකි වෙනවා. [Secret Invasion]
 Light-based powers සම්බන්ධය නිසා ඔවුන්ගේ බලයන් පාවිච්චි කිරීමේදී සිටින ස්ථාන මාරු වීමෙන් 2026 නොවැම්බර් 19 වන දින Rambeau, Ms. Marvel සහ Captain Marvel, Kree හමුදාවේ කිපදෙනුකු සමග සටනක් ඇති වෙනවා. [The Marvels]
 Kree ග්‍රහලෝකය වන Hala ට අවශ්‍ය resources ලබා ගැනීම සදහා Tarnax IV ග්‍රහලෝකය විනාශ කර Aladna ග්‍රහලෝකයට පැමිණෙන Dar-Benn Aladna ග්‍රහලෝකයද විනාශ කරන අතර එහෙදී The Marvels සමග සටනක් ඇති වෙනවා. [The Marvels]
 පෘථිවි සුර්යය්යා ට ප්‍රහාර එල්ල කිරමට සුදානම් වන Dar-Benn, The Marvels අතර සටනක් ඇති වෙන අතර එහිදී ඇය සොයාගත් Quantum Bands එක සහ Kamala ගේ Quantum Bands එකයි දෙකම එකවර භාවිතා කිරීමට උත්සහ කිරීමේදී Dar-Benn මිය යනවා. එහි දී Universal Neural Teleportation Network එකට හානි වීමෙන් එය යතා තත්වයට පත් කිරීමට Monica Rambeau ට හැකි වුනත් අවසානයේ ඇය මෙමගින් තවත් alternate universe එකකට ඇදී යනවා.මේ universe එකේ X-Men ලට හැකි වෙනවා Monica ව බෙරා ගැනීමට. මේ අතර Kamala විසින් Kate ව හමුවෙනවා නව කණ්ඩායමක් ආරම්භ කිරීමට. [The Marvels]
 Death සහ Agatha අතර ඇතිවෙන සටනේදී Agatha මිය යන අතර ඇයගේ ආත්මය ghost කෙනෙකු ලෙස සැරිසැරීමට පටන් ගන්නවා. [Agatha All Along]
 2027 අප්‍රේල් 10 වන දින New York City Mayor ලෙස තේරී පත්වූ Wilson Fisk විසින් මෙහෙයවන Anti-Vigilante Task Force, Daredevil ඝාතනය කිරීමට උත්සහ කරනවා. මෙහිදී Anti-Vigilante Task Force සහ Daredevil අතර සටනක් ඇති වෙන අතර Daredevil ට Punisherගේ සහයද හිමි වනවා. [Daredevil: Born Again]
 2027 අප්‍රේල් 16 දින Isaiah Bradley විසින් White House තුලදී President Thaddeus Ross ව ඝාතනය කිරීමට උත්සහ කරනවා. Samuel Sterns විසින් පුද්ගලයන්ගේ මනස පාලනය කල සිදු කෙරෙනු ව්‍යාජ උත්සහ කිරීමක ප්‍රතිපලක් වුණා මෙහිදී Isaiah අත්අඩංගුවට ගැනෙනවා. [Captain America: Brave New World]
 ඇමෙරිකානු රජයේ adamantium සොරකම් කිරීමක් Samuel Sterns නොහොත් Leader ගේ හෙළිකිරීමෙන් ඇමෙරිකාව සහ ජපානය අතර Celestial Island වල යුධමය සටනක් ඇති වීමට ගියත් Captain America සහ Falcon ගේ මැදිහත් වීමෙන් එය නතර වී යනවා. [Captain America: Brave New World]
 Washington, D.C. හිදී Leader ව අත්අඩංගුවට ගැනෙන අතර ඔහුගේ Thaddeus Ross ජනාධිපතිකම විනාශ කිරීමේ සැලසුමට අනුව Ross, Red Hulk කෙනෙකු ලෙස පරිණාමනය වනවා. එහිදී Captain America සහ Red Hulk අතර සටනක් ඇතිවී පසුව Ross ව අත්අඩංගුවට ගෙන Raft හි සිරගත කරනවා. [Captain America: Brave New World]
 Time Heist එක සිදුවුන 2012 වසරේදී Alternate reality එකක් නිර්මාණය කර Sacred Timeline එකට හානි කිරීම හේතුවෙන් TVA එක මගින් අල්ලා ගැනෙන Loki, Ravonna Renslayer විසින් prune කිරීමෙන් Void වලට පැමිණෙනවා. Void වලට පැමිණීමෙන් පසු Loki ට තවත් Variant Loki ලා කීපදෙනෙක් හමුවෙන අතර TVA එකේදී self-prune කරගත් Sylvie සහ Mobius ද එහිදී හමුවෙනවා. ඔවුන් තීරණය කරනවා Void ආරක්ෂා කිරීමට සිටින Alioth ව විනාශ කර Void තුල branch එකක් නිර්මාණය කිරීමට. [Loki]
 Loki , Sylvie සහ Classic Loki ට හැකිවෙනවා Alioth ව විනාශ කර portal එකක් නිර්මාණය කරගෙන Citadel at the End of Time එහෙමත් නැතිනම් කලාවකාශයේ බලකොටුවට මාර්ගය සදා ගැනීමට. [Loki]
 Loki සහ Sylvie, Citadel at the End of Time වලට පැමිණෙන අතර එහිදී ඔවුන්ට He Who Remains හමුවෙනවා. He Who Remains, ඔවුන්ට Sacred Timeline එක නිර්මාණය වුන හැටි පවසා විකල්ප දෙකක් යෝජනා කරනවා. ඒ තමා ඝාතනය කර තමා වැනි අනිත් Timeline වල සිටින Conqueror ලා නිදහස් කිරීම හෝ TVA එකේ පාලනය ගෙන Sacred Timeline එක පවතවා ගෙන යාම. [Loki]
 He Who Remains ගේ Sacred Timeline යෝජනාවට Loki කැමති වුනත් පළිගැනීමේ චේතනාවෙන් සිටි Sylvie, Loki ව TVA එක දමා He Who Remains ව මරා දමනවා. He Who Remains මියයාම නිසා පාලනයෙන් ගිලිහි යන Sacred Timeline එකේ branches නිර්මාණය වී ගණන් කල නොහැකි අසීමිත ප්‍රමාණයක realities බිහි වෙනවා. [Loki]
 TVA නියෝජිත Paradox විසින් prune කිරීමෙන් alternate universe දෙකක Deadpool සහ Wolverine, Void වලට පැමිණෙනවා. මෙහිදී ඔව්න් අතර සටනක් ඇති වෙන අතර පසුව Cassandra Xavier සහ ඇයගේ කණඩායම විසින් ඔවුන්ව අල්ලා ගැනෙනවා. [Deadpool & Wolverine]
 Cassandra ගෙන් ඔවුන් පලා ගොස් TVA එක මගින් prune කල alternate universe වල variantsලා වන Elektra, Blade, X-23 සහ Gambit සමග එකතු වනවා. අසීමත බලයක් ඇති Cassandraව පරාජය කිරීමට සැලසුම්කරණ ඔවුන් Cassandra ගේ base එකට නැවත පැමිණ ඇයගේ කණඩායමට පහර දෙනවා. [Deadpool & Wolverine]
 කෙසේ නමුත් මෙහිදී Cassandraව මරා නොදමා බේරාගැනීම හේතුවෙන් Cassandra, Reality Stone එක සහ Time Stone එක ඇති Sling Ring එක යොදාගනිමින් Portal එකක් නිර්මාණය කර Deadpool සහ Wolverine ට Void එකෙන් පැනයාමට අවසථාව ලබා දෙනවා. [Deadpool & Wolverine]